රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
සමෘද්ධි වැඩසටහන සඳහා රජයේ වියදම්

2020 වර්ෂයේදී, සමෘද්ධි සහන ගෙවීම සඳහා රජය රුපියල් බිලියන 52.5 ක් වැය කරයි - දිළිඳු ජනතාව සඳහා ඇති එකම සහ විශාලතම සුභසාධන වැඩසටහන සමෘද්ධි වැඩසටහනයි. 2015 වර්ෂයේදී, ප්‍රතිලාභියෙකු සඳහා වන දීමනා ප්‍රමාණය වැඩි කිරීමත් සමඟම සමෘද්ධි සඳහා වූ රජයේ වියදම් සැලකිය යුතු ලෙස වැඩි විය.

2020 වන විට සමෘද්ධි සහන ප්‍රතිලාභීන් මිලියන 1.8 ක් අතර බෙදා දී ඇත.

2020 වර්ෂයේදී සමෘද්ධි සහන ගෙවීම් සඳහා රජය දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස 0.35% ක් වැය කරයි. 2006 වර්ෂයේදී පවා රජය විසින් සමෘද්ධි ගෙවීම් සඳහා 0.37% ක් වියදම් කළ නමුත්, කාලයත් සමඟ සමෘද්ධි ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයට අනුකූලව 2015 වර්ෂය දක්වා ඉහළ ගියේ නැත.

2020 වර්ෂයේදී රජය එක පවුලක් සඳහා සාමාන්‍ය වශයෙන් රු.2,428 ක් සමෘද්ධි ගෙවීමවලට වැය කරයි. පවුලක් සඳහා ගෙවිය යුතු මුදල ප්‍රතිලාභීන්ගේ ආදායම් මට්ටම අනුව තීරණය කෙරේ.

2021-08-05
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න