රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2025 වර්ෂයේ අලුත් අවුරුදු කැවිලි මේසයේ වියදම සියයට 7 කින් ඉහළ යයි!

2025 වර්ෂයේදී  සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සකස් කරනු ලබන සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙල කිරීම සඳහා වන පිරිවැය, පසුගිය වසරට සාපේක්ෂව  සියයට 7 කින් ඉහළ ගොස් ඇත. එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී.  

අලුත් අවුරුදු සැමරුම්වලදී සම්ප්‍රදායිකව පැවත එන අලුත් අවුරුදු කැවිලි මේසය, සෞභාග්‍යය  සහ සතුට සංකේතවත් කරන  ශ්‍රී ලාංකීය කැවිලි වර්ග රැසකින් යුක්ත වේ.

2025 දී ප්‍රධාන කැවිලි වර්ග අටෙන්, පහක මිල ගණන් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම, කිරිබත්වල මිල සියයට 57 කින් සහ කොකිස්වල මිල සියයට 35 කින් ඉහළ ගොස් ඇත - මෙම ආහාර වර්ග දෙකම පොල් සහ පොල්තෙල් බහුල ලෙස උපයෝගී කොට ගෙන නිපදවන ආහාර වේ.

කැවිලි මේසයේ වියදම සමස්තයක් ලෙස ඉහළ යාමට මූලික වශයෙන් බලපෑවේ පොල් මිල ඉහළ යාමයි. පොල් මිල  වාර්ශික ලක්ෂ්‍යමය වශයෙන් සියයට 80 කින් සහ පොල්තෙල් මිල සියයට 40 කින් ඉහළ ගොස් ඇත. නමුත්, අනෙකුත් බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් අඩු වී හෝ  නොවෙනස්ව තිබී ඇත.

තවද, 2019 ට සාපේක්ෂව, කැවිලි මේසය සඳහා වන පිරිවැය දෙගුණයකටවඩා වැඩි වී ඇත - 2024 දී 2.2 ගුණයකින් ඉහළ ගිය පිරිවැය, 2025 වසර වනවිට 2.4 ගුණයකින් ඉහළ ගොස් ඇත. . ( අංක. 1 ප්‍රදර්ශකය බලන්න)

 අංක. 1 ප්‍රදර්ශකය: කැවිලි වර්ගවල මිල ගණන් වෙනස් වීම 2019-2025 ( රුපියල් වලින්)

 

පිළියෙල කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය සඳහා වන පිරිවැය

 අප්‍රේල් 2019

 අප්‍රේල් 2023

මාර්තු 2024

මාර්තු 2025

කොකිස් (කෑලි 20 )

232

529

457

618

කෙසෙල් (කිලෝග්‍රෑම් 1)

93

283

212

198

කිරිබත්

(කෑලි 10)

72

163

165

258

අලුවා

(කෑලි 15)

124

258

295

249

බටර් කේක් (කිලෝග්‍රෑම් 1)

370

935

842

754

කැවුම් ( කෑලි 20 )

723

1483

1569

1668

දොදොල්  (කිලෝග්‍රෑම් 1)

452

976

1001

1137

මුං කැවුම් (කෑලි 15)

221

546

529

531

අමුද්‍රව්‍ය සඳහා වන මුළු පිරිවැය

2,288

5,172

5,069

5,414

සටහන:

  1. කැවිලි මේසයේ ස්වභාවය කුටුම්භයෙන් කුටුම්භයට වෙනස් වුවද, සාමාන්‍යයෙන් කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් යන වන ආහාර වර්ග ඇතුළත් වේ.
  2. මෙම විශ්ලේෂණය සඳහා පුද්ගලයින් 4-5 දෙනෙකුගෙන් යුත් නිවසක් සඳහා, ජනප්‍රිය යූ-ටියුබ් නාලිකාව වන “අපේ අම්මා” හි වට්ටෝරු මත පදනම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණ භාවිතා කරන ලදී.
  3. මෙම ගණනය කිරීම සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය පමණක් ඇතුළත් කර ඇති අතර, කුළුබඩු සමඟ විදුලිය සහ ගෑස් වැනි උපයෝගිතා, සඳහා වූ පිරිවැය, ඇතුළත් කර නැත.

මූලාශ්‍රය

2019 (අප්‍රේල් පළමු සතිය), 2023 (අප්‍රේල් පළමු සතිය) 2024 (මාර්තු තෙවන සතිය) සහ 2025 (මාර්තු තෙවන සතිය) සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය සිල්ලර මිල ගණන්වලින් සහ සෘජුවම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) වෙතින් දත්ත ලබා ගන්නා ලදී.

පර්යේෂණය: ශලෝමි ලියනගේ සහ අනුෂන් කපිලන්
දෘෂ්‍යකරණය: මුආද් හිමාස්

2025-04-09
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න