රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට 2021 අර්ධ වාර්ෂික ඇගයීම

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ.

2021 අයවැය කතාවේදී රුපියල් මිලියන 1,000 ඉක්මවන වියදම් යෝජනා 31ක් නිරීක්ෂණය කළේය.

ඇගයීමට ලක් කළ වියදම් යෝජනා වලින් 61% ක් අනාවරණය නොකළ ලෙස වර්ගීකරණය කර ඇත. එවැනි යෝජනා සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 117,500 වන අතර එයින් පෙන්නුම් කරන්නේ එවැනි අරමුදල්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පොදු වසම තුළ කිසිදු තොරතුරක් සපයා නොමැති බවයි.

 

පෙර වසර මැද තක්සේරුවලට සාපේක්ෂව, 2021 වැඩිම අනාවරණය නොකළ යෝජනා සංඛ්‍යාවක් ඇත..

විවෘතභාවය ඇගයීම

යෝජනාවල හිමිකාරිත්වය සම්බන්ධයෙන් ආයතන තුළ ව්‍යාකූලත්වය වැඩි වීම අයවැය පොරොන්දු තක්සේරු කිරීම්වලදී නැවත නැවතත් අවධානයට ලක් වූ කරුණකි. මෙය තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියට දැඩි බාධාවක් වී ඇත.

2021 තක්සේරු කිරීම් ද මෙම ගැටලුව සැලකිල්ලට ගනී, ජාතික අයවැය දෙපාර්තමේන්තුවට අදාළ අයවැය යෝජනා සඳහා රාජ්‍ය ආයතනවලින් 58% ක් නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීම මෙම ව්‍යාකූලත්වයට සාක්ෂියකි.

2022-03-28
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න