රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2022 අයවැය මගින් වැඩිම ප්‍රතිපාදන වෙන් කෙරුණු අමාත්‍යාංශ 5 සඳහා මුල්‍ය ප්‍රභවයන්

2020 වසරේදී අනුමත අයවැය ඇසත්මේන්තුවලට අනුව රජයේ මුළු වියදමෙන් 87%ක් දේශීයව මුල්‍යකරණය කරන ලද අතර 13%ක් විදේශීය ප්‍රභවයන් මගින් මුල්‍යකරණය කරන ලදි. 2021 වසරේදී මුළු වියදමෙන් 91%ක් දේශීයව මුල්‍යකරණය කරන ලද අතර සම්මත 2022 අයවැය ඇස්තමේන්තුවලට අනුව මුළු වියදමෙන් 93% දේශීයව මුල්‍යකරණය කිරීමට නියමිත වේ.

2022 වසරේදී වැඩිම මුදලක් වෙන්කරන ලද්දේ, මුදල් අමත්‍යාංශය , රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙනි, එය රජයේ මුළු වියදමෙන් 75%කි. ඉහත සදහන අමාත්‍යාංශ සඳහා මුල්‍යකරණ විධි පහත රූපසටහන මගින් දැක්වේ.

මහාමාර්ග අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශීය මුල්‍යකරණ ක්‍රම සඳහා නැඹුරුතාවයක් පෙන්වයි. 2020 වසරේදී මහාමාර්ග අමාත්‍යාංශයේ වියදමෙන් 73% විදේශ ණය මගින් සපුරා ගන්න ලදි. 2021 සහ 2022 වසරවලදී විදේශීය ප්‍රභවයන් මගින් මුල්‍යකරණය සිදු වීම අඩු වනු ඇතැයි රජය උපකල්පනය කොට ඇත.

2022-01-25
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න