රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
අයවැය කතාවලට ඇතුළත් කර නොමැති ඇස්තමේන්තු

2021 වසර සඳහා වන අයවැය කතාවෙහි සඳහන් ඇතැම් යෝජනා සඳහා වූ ඇස්තමේන්තු ගණනාවක්ම ඊට ඇතුළත් කර නොතිබිණි.

ඇත්ත වශයෙන්ම, 2019 අයවැයේ ආදායම් යෝජනා 11 ක් සහ වියදම් යෝජනා 3 ක් සඳහා ඇස්තමේන්තු ඇතුළත් කර නොතිබුණු අතර, ඊට සාපේක්ෂව 2021 අයවැය තුළ ආදායම් යෝජනා 36 ක් සහ වියදම් යෝජනා 32 ක් සඳහා ඇස්තමේන්තු ඇතුළත් කර නොතිබිණි. 

ප්‍රධාන උදාහරණ කිහිපයක් පහත පරිදි වේ: 

ආදායම් යෝජනා 

  • ‘බදු සහ අයකිරීම් අතුරින් 50% ක කොටසක් වන, විවිධ නීති සහ ආයතන යටතේ මත්පැන්, දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු සහ සූදු සහ වාහන සඳහා පනවා ඇති බදු සහ අයකිරීම් වෙනුවට, මාර්ගගතව කළමනාකරණය කෙරෙන තනි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීම.’ 

  • ‘ඉහත භාණ්ඩ හැර අනෙකුත් සියලුම ආනයනයන් (රට තුළ නොමැති අමුද්‍රව්‍ය, නවීන තාක්‍ෂණය සහිත යන්ත්‍රෝපකරණ සහ උපකරණ), සියයට 0, 10 සහ 15 වශයෙන් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කිරීම’ සඳහා යෝජනාව. 

වියදම් යෝජනා 

  • ‘කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දුම්රිය ජාලය පුළුල් කිරීමට මම තවදුරටත් යෝජනා කරනවා’ 

  • ‘විදේශීය ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවේ බැංකු වෙත එවන විදේශ විනිමය ප්‍රේෂණ සඳහා සාමාන්‍ය විනිමය අනුපාතිකයට වඩා ඩොලරයකට රුපියල් 2ක් ගෙවීමට මා යෝජනා කරනවා’ 

  • ‘අපේ ගොවීන් හට සහල්, බඩඉරිඟු, කුරක්කන්, තල, උඳු වගා කිරීමට දිරිගැන්වීම සඳහා සහතික මිලක් ලබා දෙනවා. මෙය එළවලු, පළතුරු, පොල් සහ අනෙකුත් වැවිලි භෝග වගාවට ද ආශිර්වාදයකි.’ 

 

ඇස්තමේන්තු ඇතුළත් කර නොමැති සියලුම යෝජනා පිළිබඳ වැඩි විස්තර සඳහා Public Report on Budget 2021 බලන්න. 

2020-12-16
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න