රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2022 වසරේ අර්බුදයට ප්‍රතිචාර ලෙස සම්පාදිත ප්‍රතිපත්ති සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ කැපවීම ඇගයීම
යෝජිත අර්බුද ප්‍රතිචාර ප්‍රතිපත්ති රජය කෙතරම් හොඳින් ක්‍රියාත්මක කළේ ද? ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික අර්බුදය සහ සමාජ-දේශපාලන කැලඹීම එහි පුරවැසියන්ට බරපතල ප්‍රතිවිපාක ඇති කර තිබේ. මෙම අර්බුදයේ ප්‍රධානතම ලක්ෂණ තුන වන්නේ: අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය හිඟකම, දිනෙන් දින වැඩි වන ආහාර උද්ධමනය සහ පුරවැසියන් මාස ගණනක් ගමනාගමනයෙන් දුරස් කර තැබූ ඉන්ධන හිඟකමයි. මෙම පසුබිම තුළ, 2022 වසරේ පළමු අර්ධයේදී මෙම ගැටළු තුන නිරාකරණය කිරීමට යෝජනා කරන ලද ප්‍රතිපත්ති රජය විසින් කෙතරම් හොඳින් ක්‍රියාත්මක කළේද යන්න ඇගයීමට වෙරිටේ රිසර්ච් කටයුතු කළේය. අරමුණු වූයේ (1) රජයේ තීරණ ගැනීම සහ එහි පසුකාලීන අනුගමනය කිරීම් පිළිබඳ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ (2) රජය සහ එය වටා ඇති විශාල නිලධාරී තන්ත්‍ර ජාලය වගවීමට ලක් කිරීම.
පිටුවෙහි PDF දර්ශනය