රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට 2020

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ.

2020 වසරේදී අයවැයක් නොතිබූණු බැවින්, ඒ වෙනුවට 2020 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුල ගන්නා ලද වියදම් සහ ප්‍රතිපත්ති යෝජනා ඇතුලත් කැබිනට් තීරණ 26 ක සහ පෙර වසරේ ඉටු නොවූ යෝජනා 8 ක ප්‍රගතිය සහ විවෘතභාවය මෙම වසරේ ඇගයීමට ලක් කර ඇත.

2020  වසර සඳහා කරන ලද ඇගයීමේදී ප්‍රධාන කරුණු හතරක් අනාවරණය කරගන්නා ලදී.

වියදම් යෝජනා හෙළිදරව් කිරීමෙහි සහ ක්‍රියාත්මක කිරීමෙහි අඩු වීමක්

ප්‍රතිපත්ති යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩි දියුණුවක්

ඇගයීමට ලක් කළ ප්‍රතිපත්ති යෝජනා ඇතුලත් කැබිනට් තීරණවලින් 40% ක් 2020 දී ක්‍රියාත්මක කළ අතර 2019 දී ක්‍රියාත්මක වූයේ අයවැයෙහි සඳහන් ඇගයීමට ලක් කළ ප්‍රතිපත්ති යෝජනාවලින් 18% ක් පමණි.

තොරතුරු හෙළිදරවු නොකරන සංස්කෘතියෙහි සැළකිය යුතු වර්ධනයක්

ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳ ව්‍යාකුලත්වයෙහි වර්ධනයක්

යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් වගකිවයුත්තන් පැහැදිලිව හඳුනා ගැනීම අපහසු විය. තොරතුරු දැන ගැනීමේ ඉල්ලුම්පත, යෝජනාව ක්‍රියාත්මක කරන ආයතන එකකින් අනෙකට මාරු කළ අතර, ඇතැම් යෝජනා එකම අමාත්‍යංශයේ එක දෙපර්තමෙන්තුවකින් තවෙකකට කිහිප වරක් මාරු කරන ලදී. තවද, ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකීම ඇත්තේ තම ආයතනයටද යන කාරණය පිළිබඳ ආයතන තුල සැලකිය යුතු අවිනිශ්චිත බවක් පවතින බව මෙම ඇගයීමේදී අනාවරණය විය. මෙය තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලියට දැඩි බාධාවක් එල්ල කළ අතර, වියදම් යෝජනා ක්‍රියාවට නැංවීමේදී ඇති අඩු වීමටද මෙය එක් හේතුවක් විය හැක

අයවැය සම්බන්ධ යෝජනා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමේ මාවත වැඩිදියුණු කිරීම සඳහා BudgetPromises පසුගිය කාලයේ නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. මෙම නිර්දේශ වර්තමානයටත් අදාළ වේ

2021-10-28
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න