රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2022 පරිපූරක ඇස්තමේන්තුව: එහි අන්තර්ගතය සහ අයවැය ශේෂයට ඇති බලපෑම

පරිපූරක ඇස්තමේන්තු සකසනු ලබන්නේ පාර්ලිමේන්තු අනුමැතිය නොලද කරුණු සඳහා රජයට මුදල් වියදම් කිරීමට අවශ්‍ය වූ විටයි. එම මුදල්  හදිසි සහ පෙර පුරෝකථනය නොකළ වියදම් සඳහා භාවිතා කිරීමට අදහස් කෙරේ.

2022 ජූනි 8 වන දින පාර්ලිමේන්තුව මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද රු.බි 695 ක පරිපූරක ඇස්තමේන්තුව අනුමත කළේ ය. අයහපත් ආර්ථික තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් සහන සහ අතිරේක අරමුදල් සැපයීමේ අරමුණින් එය ඉදිරිපත් කරන ලදී.

ඇස්තමේන්තුව භාවිතා කරන ආකාරය පිළිබඳ විස්තරය ප්‍රදර්ශකය 1 තුළ දක්වා ඇත.

විස්තරය ප්‍රදර්ශකය 1.

පරිපූරක ඇස්තමේන්තුව හේතුවෙන් රාජ්‍ය වියදම් රුපියල් බිලියන 695 කින් ඉහළ යනු ඇත. රුබි  2,284 ක් ව තිබූ 2022 සඳහා වන ආදායම් ඇස්තමේන්තුව මුදල් අමාත්‍යවරයා විසින් රු බි 1,600 ක් ලෙස සංශෝධනය කරන ලදී.

වැඩි වූ වියදම් සහ වත්මන්  අපේක්ෂිත ආදායම මත පදනම්ව, 2022 වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 3,007 දක්වා වැඩි වේ. මෙය මුල් ඇස්තමේන්තුගත අගය වූ රුපියල් බිලියන 1,628 ට වඩා 43% ක වැඩිවීමකි. (ප්‍රදර්ශකය 2)

ප්‍රදර්ශකය 2

මූලාශ්‍ර

  1. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, 2022 ජූනි 8 පාර්ලිමේන්තු පුවත් https://www.parliament.lk/news-en/view/2595

  2. 2022 ජූනි 16 වන දින අගමැතිවරයා විසින් සිදු කළ කථාව  https://www.newswire.lk/2022/05/16/the-next-couple-of-months-will-be-the-most-difficult-ones-of-our-lives-special-statement-from-pm/ 

2022-06-21
1 අදහස්
ඉතාම පැහැදිලිය. මෙවැනි කරැණු අන්තර් ජාලයට එක්කිරම මගින් දැනුම වර්ධනය කර ගැනීමට පුලුවන් ය. ස්තුතියි.
හෙට්ටි ආරච්චිලාගේ සමන්ත පෙරේරා
31 Jan 2024
ඔබේ අදහස් දක්වන්න