රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
වෙන්කළ මුදල් නැවත වෙන් කිරීමෙන් මැතිවරණයකට මුදල් යෙදවිය හැකිය

2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 4.4ක් සහ රුපියල් බිලියන 5.7ක් වැය විය. 2020 මහ මැතිවරණය පවත්වනු ලැබුවේ කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එය පෙර මැතිවරණවලට වඩා වැඩි පිරිවැයක් දැරීමට හේතු විය. 

වත්මන් තත්වය තුළ මැතිවරනයක් ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට උපකාර වන දේශපාලන ස්ථාවරත්වය යම්තාක් මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත. රජයේ මූල්‍ය සීමාවන් සැලකිල්ලට ගෙන, මැතිවරණයකට මුදල් යෙදවීම සඳහා අරමුදල් තිබේද යන්න ප්‍රශ්නයට ලක් වේ. 

2022 දී රජය විසින් ගනු ලබන තෝරාගත් වියදම් තීරණ හා සැසඳීමේ දී මැතිවරණයක පිරිවැය ග්‍රැෆික් සටහන මගින් නිරූපණය කෙරේ. 

2022 දී රජය දේශීය අරමුදල් මගින් ඉදි වෙන ආරක්ෂක ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 19 ක් සහ ආරක්ෂක මූලස්ථානයක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 12 ක් වෙන් කරන ලදී. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ දීමනා රුපියල් බිලියන 7.3 කි. ඒ සියල්ල මැතිවරණයක් පැවැත්වීමට යන වියදමට වඩා වැඩිය.

2022-06-15
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න