රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ සමාජ සුබසාධනය සඳහා වූ පොරොන්දු

2024 ජනාධිපතිවරණ සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය තුල, ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහය දැක්වීම ඉලක්ක කරගත් පොරොන්දු මාලාවක් ගෙනහැර දක්වයි. අඩු ආදායම්ලාභී පවුල්, ආබාධ සහිත පුද්ගලයින්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීම සහ කාන්තා හා ළමා අවශ්‍යතා සඳහා මෙම පොරොන්දු මඟින් අවධානය යොමු කර ඇත.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලත්, අයවැය මඟින් මුදල් ප්‍රතිපාදන වෙන්කල හැකි සමාජ සුබසාධන පොරොන්දු කිහිපයක් පහත දැක්වේ,

  1. අඩු ආදායම්ලාභී පවුල් සඳහා රු. 10,000 සිට ඉහළට අවම මාසික මූල්‍ය ප්‍රදානයක් ලබා දීම
  2. අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත පුද්ගලයින් සඳහා රු. 10,000 ක මාසික මූල්‍ය ආධාරයක් ලබා දීම.
  3. නිදන්ගත රෝග ඇති පුද්ගලයින් සඳහා අවශ්‍යතා පදනම මත අවම මාසික මූල්‍ය ප්‍රදානයක් ලබා දීම.
  4. ආධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රු. 5,000 ක මාසික දීමනාවක් ලබා දීම.
  5. ආබාධිත පුද්ගලයන් සඳහා ඇති ලාභ නොලබන සුවසත්කාර ආයතන සඳහා බදු සහන ලබාදීම
  6. ආබාධ සහිත පුද්ගලයින් භාවිතා කරන ආධාරක උපකරණ ආනයනය කිරීම සඳහා බදු නිදහස් කිරීම් ලබා දීම.
  7. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සාමාන්‍ය බැංකු අනුපාතයට වඩා 5% වැඩි පොලී අනුපාතයක්.
  8. අවශ්‍යතා සහ ආදායම් මට්ටම් මත පදනම්ව බලපෑමට ලක් වූ පුද්ගලයින් සඳහා මූල්‍ය ආධාර; කාන්තා මූලික පවුල්, තනි මාපිය පවුල් සහ ලිංගික/සමීප සහකරු හිංසනයෙන් පීඩාවට පත් කාන්තාවන්.
  9. අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන්ට තම ගර්භනීසමයේදී හා දරු ප්‍රසූතියේ පළමු වසර තුල පෝෂණ ආහාර පැකේජයක් සඳහා මූල්‍ය ආධාර සැපයීම.
  10. සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ආරක්ෂාව සහතික කරන රක්ෂණ ආවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදලක් ස්ථාපිත කිරීම.
  11. ආබාධ සහිත පුද්ගලයින් සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්වයං රැකියාවල නිරත වීමට මූල්‍ය ආධාර පුළුල් කිරීම.
  12.  නීතිමය විධිවිධාන සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ලබා දී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාලෝචනය කිරීමෙන් පසු අවාසි සහගත පාර්ශ්වයන්ට සහන සැලසීම
  13. ආන්තික සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ සේවා සහ ළමා සුභසාධනය ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය තීරණාත්මක ක්ෂේත්‍ර සඳහා අයවැය ප්‍රතිපාදන වැඩි කිරීම
  14. අවශ්‍යතා සහ ඉල්ලීම් මත පදනම්ව රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයන් සමඟ ග්‍රාම නිලධාරී මට්ටමින් ළමාරක්ෂක මධ්‍යස්ථාන පිහිටුවීම.
  15. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නව වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීම.
  16. පෞද්ගලික සත්කාර මධ්‍යස්ථාන සඳහා රජයේ සහාය සහ නියාමනය
  17. ආබාධිත සහ වැඩිහිටියන්ට පහසුවෙන් ප්‍රවේශ වීමට සහ භාවිතා කිරීමට දුම්රිය ස්ථාන සහ බස් නැවතුම් සංවර්ධනය කිරීම

මූලාශ්‍රය

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 https://www.akd.lk/policy/ 

2025-02-12
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න