රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ අධ්‍යාපනය සඳහා වූ පොරොන්දු

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්ශේත්‍රයේ පවතින වත්මන් ගැටලු ( අසමානතාව, පාසල් හැරයාම , වියදම ) වැනි කරුණු විසදීම සඳහා පොරොන්දු කිහිපයක් NPP ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලත්ව ඇත.මෙම පොරොන්දු බොහොමයක් ක්‍රියාත්මක කිරීමට ජාතික අයවැය හරහා අරමුදල් අවශ්‍ය වේ.

1. දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට වෙන් කරන මුදල 6% දක්වා ක්‍රමානුකූලව ඉහළ නැංවීම.

2. සියලුම තාක්ෂණික හා භෞතික පහසුකම් සහිත ජාතික විභාග ඇගයීම් මධ්‍යස්ථානයක් පිහිටුවීම

3. ජාතික අධ්‍යාපන ආයතනය තුළ විෂයමාලා සංවර්ධනය සඳහා අංගසම්පූර්ණ විෂයමාලා සංවර්ධන ඒකකයක් නිර්මාණය කිරීම.

4. සියලුම අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු අභ්‍යාස විද්‍යාල ඒකාබද්ධ කරමින් ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම.

5. ජාත්‍යන්තර ශ්‍රේණිගත විශ්වවිද්‍යාලවල උපාධි හැදෑරීම සඳහා උසස් පාසල් උපාධිධාරීන් සඳහා වසරකට ශිෂ්‍යත්ව 200ක් පිරිනැමීම.

6. ජීවන වියදමට අනුකූලව මහපොළ සහ අනෙකුත් ශිෂ්‍යාධාර වැඩි කිරීම

7. පශ්චාත් උපාධි පර්යේෂණ සහ සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාලයක් නිර්මාණය කිරීම

8. හෙද පාසල්, ජාතික හෙද විශ්වවිද්‍යාලයකට ඒකාබද්ධ කිරීම

මූලාශ්‍රය

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 https://www.akd.lk/policy/ 

2025-02-11
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න