රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ජාත්‍යන්තර කාන්තා දිනය

ඉහත පෙන්වා ඇති පරිදි, ශ්‍රී ලංකාවේ කාන්තාවන් ශ්‍රම වෙළඳපොළට පිවිසීමේ සම්භාවිතාව පිරිමින් හා සසදන විට අඩක් තරම් වන අතර, ඔවුන්ට රැකියා විරහිත වීමේ සම්භාවිතාව පිරිමින්ට වඩා දෙගුණයකි. 

 

කාන්තා විරැකියාවෙන් 82% ක් තිබෙන්නේ වයස අවුරුදු 20 ත් 40 ත් අතර කාන්තාවන් අතරය. මෙය අනිකුත් වයස්වල කාන්තාවන් අතර විරැකියාවට සාපේක්ෂව හත් ගුණයක් පමණ වේ.  


වයස අවුරුදු 20 සහ 40 තුළ, එම වයස්වල පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් සාමාන්‍යයෙන් රැකියා විරහිත වීමේ සම්භාවිතාව හතර ගුණයක් වේ. 

රාජ්‍ය අනුග්‍රහය ලබන මාතෘ නිවාඩු ප්‍රතිලාභ වලට වැයවෙන පිරිවැය රජයේ අනෙකුත් සුබසාධන වැඩසටහන්වල පිරිවැයට වඩා සැලකිය යුතු ලෙස අඩුය.

මාතෘ නිවාඩු ප්‍රතිලාභ සඳහා 2021 වන විට බදු ආදායමෙන් 0.5% ක් වැය වන අතර, සමෘද්ධි ගෙවීම්වලට බදු ආදායමෙන් 4.2% ක් වැය වෙයි.  

 

ශ්‍රී ලංකාව 1952 (අංක 103) හි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) මාතෘ ආරක්ෂණ සම්මුතිය අනුමත කරන විට, මාතෘ නිවාඩු ප්‍රතිලාභ සඳහා සහය දක්වන්නට ශ්‍රී ලංකා රජය කැප විය.  

 

2023-03-08
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න