රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
යටිතල පහසුකම් විපරම: විස්තරය සහ ක්‍රමවේදය

යටිතල පහසුකම් විපරම යනු කුමක්ද?

යටිතල පහසුකම් විපරම යනු දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ අදාළ රාජ්‍ය ආයතන විසින් අන්තර්ජාලය හරහා ප්‍රගාමීව තොරතුරු ලෙස හෙළිදරව් කිරීම ඇගයීමට ලක් කරනු ලබන publicfinance.lk යටතේ ක්‍රියාත්මක වන ඩෑෂ්බෝර්ඩයක් වේ. මෙය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ ඇති අවශ්‍යතාවයකි.

මේ  සඳහා අප යොමු වුයේ කුමන හේතුවක් නිසාද?

යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව අප කළ පර්යේෂණවලදී තොරතුරු  සම්බන්ධ පහත ගැටළු අප විසින් හඳුනා ගන්නා ලදී.

  • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 9(1)(ආ) වගන්තිය යටතේ ආයතන විසින් හෙළිදරව් කළ යුතු තොරතුරු පිළිබඳව රාජ්‍ය ආයතන මෙන්ම මහජනතාව අතර ඇති දැනුවත්භාවය ඉතා අවම මට්ටමක පවතින බවත්
  • රජය විසින් සිදු කරන ලද යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මාර්ගගතව ලබා ගැනීමේ හැකියාව සහ ප්‍රවේශය ඉතා අවම මට්ටමක පවතින බවත්
  • හෙළිදරව් කිරීමේ අවම මට්ටම සහ එහි ප්‍රතිඵලයක් ලෙස විනිවිදභාවය නැතිවී යාම හේතුවෙන් වංචා දූෂණ, ඉහළ පිරිවැය, අඩු ගුණාත්මකභාවය සඳහා ඉඩ සැලසෙන අතර ඒ හේතුවෙන් එම ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මහජන විශ්වාසය හා බලාපොරොත්තුව අඩු මට්ටමක පවතින බව.

අප විසින් මෙම ඩෑෂ්බෝර්ඩය නිර්මාණය  කරන්නට යොමු වූයේ  පහත අරමුණු සාක්ෂාත් කරගැනීමේ අපේක්ෂාව පදනම් කොටගෙන ය.  

  1. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ප්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව සහ එහි වැදගත්කම පිළිබඳව රාජ්‍ය ආයතන මෙන්ම මහජනතාව අතර දැනුවත්භාවය ඉහළ නැංවීම.
  2. තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සහ අනුකූලතා මට්ටම විශ්ලේෂණය කිරීම මගින් ප්‍රගාමී හෙළිදරව් කිරීම්වලට අනුකූල වීම සඳහා මහජන ඉල්ලුමක් ඇති කිරීම.
  3. යටිතල පහසුකම් පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ  මහජන සහභාගිත්වය සඳහා අවකාශය වැඩි දියුණු කිරීමට සහ ව්‍යාපෘතිවල විනිවිදභාවය වැඩි කිරීම මගින් වංචා දූෂණ සඳහා ඇති ඉඩකඩ අවම කිරීමට දායක වීම.

පර්යේෂණ ක්‍රමවේදය
ව්‍යාපෘති තෝරාගැනීම සඳහා භාවිතා කරන ලද නිර්ණායක මොනවාද?

2022 තක්සේරුව

  • රුපියල් ට්‍රිලියන 1.08 ක් වටිනා මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති 60 ක් තක්සේරු කරන ලදී. පහත සඳහන් නිර්ණායක මත පදනම්ව ව්‍යාපෘති තෝරා ගන්නා ලදී:
    • ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 2021 දෙවන කාර්තුවේ වාර්තාවට අනුව 2019 වසරේ ආරම්භ කරන ලද සමුච්චිත භෞතික ප්‍රගතියෙන් අවම වශයෙන් 1% ක් වත් 2021 ජූනි මස වන විට නිම කර නොමැති ව්‍යාපෘති.
    • විදේශීය සහ දේශීය අරමුදල් මූලාශ්‍ර හරහා අරමුදල් සපයන ලද මහා පරිමාණ ව්‍යාපෘති (විදේශීය අරමුදල් රුපියල් මිලියන 32.5ට වැඩි ප්‍රමාණයකින් සිදු කරන ව්‍යාපෘති සහ දේශීය අරමුදල් රුපියල්  500,000ට වැඩි ප්‍රමාණයකින් සිදු කරන ව්‍යාපෘති).
    • තක්සේරුවට ඇතුළත් කර ඇති ව්‍යාපෘති ඉහළම ඇස්තමේන්තුගත පිරිවැය මත පදනම්ව කෙටි ලැයිස්තුගත කර ඇත.
    • 2021 දෙසැම්බර්සිට 2022 මාර්තු දක්වා ව්‍යාපෘති පිළිබඳ මාර්ගගත ක්‍රමයෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තක්සේරු කරන ලදී.

2023 තක්සේරුව

  • රුපියල් ට්‍රිලියන 2.54 ක් වටිනා මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති 60 ක් තක්සේරු කරන ලදී.

  • මෙයින් ව්‍යාපෘති 37ක් පහත නිර්ණායක මත පදනම්ව 2022 තක්සේරුවෙන් තෝරා ගන්නා ලදී:
    •  ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව (DPMM) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 තුන්වන කාර්තු වාර්තාවට අනුව 2022 සැප්තැම්බර් 30 වන දිනට ක්‍රියාත්මකව පැවති 2022 තක්සේරුවේ ව්‍යාපෘති කෙටි ලැයිස්තුගත කර ඇත.
    •  මෙම ලැයිස්තුවෙන්, සමුච්චිත භෞතික ප්‍රගතිය අවම ප්‍රමාණයක් සහිත ව්‍යාපෘති 37ක් තෝරා ගන්නා ලදී (කෙසේ වෙතත් මේ සදහා, සමුච්චිත භෞතික ප්‍රගතියෙන් අවම වශයෙන් 0.1%ක් තිබිය යුතුයි.).
  • 2023 ඇගයීම සඳහා ඉතිරි ව්‍යාපෘති 23 පහත සඳහන් නිර්ණායක මත පදනම්ව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 2022 තෙවන කාර්තු වාර්තාවෙන් තෝරා ගන්නා ලදී:
    •  සමුච්චිත භෞතික ප්‍රගතියෙන් අවම වශයෙන් 0.1%ක් සහිත 2019 දී ආරම්භ කර 2022 සැප්තැම්බර් 30 වන විට අවසන් කර නොතිබූ ව්‍යාපෘති කෙටි ලැයිස්තුගත කර ඇත.
    •  ඉන්පසුව ඉහළම ඇස්තමේන්තුගත පිරිවැය මත පදනම්ව ව්‍යාපෘති තෝරා ගන්නා ලදී.
    • විදේශීය සහ දේශීය අරමුදල් මූලාශ්‍ර හරහා අරමුදල් සපයන ලද මහා පරිමාණ ව්‍යාපෘති (විදේශීය අරමුදල් රුපියල් මිලියන 32.5ට වැඩි ප්‍රමාණයකින් සිදු කරන ව්‍යාපෘති සහ දේශීය අරමුදල් රුපියල් 500,000ට වැඩි ප්‍රමාණයකින් සිදු කරන ව්‍යාපෘති).
  • 2023 ජනවාරි සිට 2023 අප්‍රේල් දක්වා ව්‍යාපෘති පිළිබඳ මාර්ගගත ක්‍රමයෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තක්සේරු කරන ලදී.

අදාළ රාජ්‍ ආයතන ප්රගාමීව හෙළි කළ යුතු තොරතුරු වර්ග මොනවාද?

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 9(1)() වගන්තියට අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුව ආයතන විසින් පහත වගුවේ ලැයිස්තුගත කර ඇති තොරතුරු වර්ග හෙළිදරව් කිරීමට අවශ් වේ. මෙම තක්සේරුව සඳහා, පුළුල් කාණ්ඩ පහක් යටතේ තොරතුරු වර්ග 40 ක් තෝරා ගන්නා ලදී.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 9 වැනි වගන්තියට අනුව ව්යාපෘතියක් ආරම්භ කිරීමට අවම වශයෙන් මාස තුනකට පෙර අමාත්යාංශය විසින් පහත සඳහන්      තොරතුරු හෙළිදරවු කළ යුතු වේ.

වර්ග

අංක

තොරතුරු

ප්රගාමීව හෙළිදරව් කිරීම පිළිබඳ නියාමනය

 

 

 

ව්‍යාපෘති විස්තර

1

ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

 

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 9(1)(ආ) වගන්තියට අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ

2

ක්‍රියාත්මක කරනු ලබන අමාත්‍යංශය

3

ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය ආයතනය

4

ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය (පළාතදිස්ත්‍රික්කයකොට්ඨාශයස්ථානය)

5

ආරම්භක දිනය

6

නිම කිරීමට අපේක්ෂිත දිනය

පාදක කරගත් කරුණු  සහ ප්‍රතිලාභීන්

7

ව්‍යාපෘති අරමුණු/ඉලක්ක

8

අපේක්ෂිත ව්‍යාපෘති ප්‍රතිදාන/ප්‍රතිලාභ;

9

ඉලක්කගත ප්‍රතිලාභීන්/පාර්ශ්වකරුවන්;

10

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කිසියම් පුරවැසියෙකුට බලපෑමක් එල්ල වීමේ සම්භාවිතාවක් තිබේද? - ඔව්/නැත

11

ඔව් නම්, ඔවුන්ට ප්‍රමාණවත් දැනුම්දීමක් සිදු කර තිබේද සහ/හෝ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් විමසා තිබේද- ඔව්/නැත

12

එසේ නොවේ නම්, එවැනි මග හැරීම් වලට හේතු පැහැදිලි කරන්න.

13

බලපෑමට ලක් වූ පාර්ශ්වයන්ට වන්දි ලබා දීමට ගෙන ඇති පියවර පිළිබඳ විස්තර/විස්තරයක් සපයන්න

14

ව්‍යාපෘතිය සාධාරණීකරණය (මූල්‍ය සහ සමාජීය පිරිවැය ප්‍රතිලාභ)

අයවැය සහ මූල්‍ය තොරතුරු

15

මුළු ඇස්තමේන්තුගත පිරිවැය

16

එකඟ වූ මුදල ඤගෙවිය යුතු මුදල සහ රුපියල් වලින් එයට සමාන මුදල් වටිනාකම

17

මූල්‍ය ප්‍රභවය (විදේශීය/දේශීය/වෙනත් - උදා. රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය) ව්‍යාපෘතියට මුදල් සැපයීම හා සම්බන්ධිත විදේශීය හෝ දේශීය ආයතන / ආයතන නම් කරන්න

18

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම්, ලාභ බෙදාගැනීමේ විස්තර, මූල්‍ය තොරතුරු ඇතුළුව රජය සහ පෞද්ගලික අංශයේ පාර්ශවය අතර ගිවිසුමේ ප්‍රධාන නියමයන් සහ කොන්දේසි සපයන්න.

19

යෝජිත ව්‍යාපෘතිය නිම කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයේ හෝ රජයේ, පිරිවැය/වියදම් මත කොන්ත්‍රාත්කරුට හෝ පෞද්ගලික පාර්ශ්වයන්ට පිරිනමන සියලුම අමතර ප්‍රතිලාභ/සහන ලැයිස්තුගත කරන්න.

අනුමත කිරීම් සහ නිෂ්කාශන

20

අදාළ පරිදි ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව/ආර්ථික සංවර්ධන කමිටුව/අමාත්‍ය මණ්ඩලය/ආයෝජන මණ්ඩලය/පළාත් සභාව/මහනගර සභාව/අදාළ අධිකාරිය මගින් යෝජිත ව්‍යාපෘතිය අනුමත කිරීමේ දිනය.

21

ලංසු ඇගයීම්? ඔව්/නැත (දිනය ඇතුළත් කරන්න)

22

ශක්‍යතා අධ්‍යයන? ඔව්/නැත (දිනය ඇතුළත් කරන්න)

23

තාක්ෂණික ඇගයීම්? ඔව්/නැත (දිනය ඇතුළත් කරන්න)

24

මූල්‍ය ඇගයීම්? ඔව්/නැත (දිනය ඇතුළත් කරන්න)

25

භෞතික, ජීව විද්‍යාත්මක, සමාජ-සංස්කෘතික හෝ සෞන්දර්යාත්මක තත්ත්වයන් මත පාරිසරික බලපෑම් ඇත්නම් ඒවා විස්තර කරන්න.

26

අවශ්‍යය ස්ථානවලදී පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කර තිබේද? ඔව්/නැත

27

එසේ නම්, පාරිසරික බලපෑම් තක්සේරුව සිදු කළ ආයතනය පිළිබඳ විස්තර සහ වාර්තාවේ (වල) තොරතුරු හා දිනයන් සඳහන් කරන්න

28

එසේ නොවේ නම්, එය සිදු නොකිරීමට හේතු දක්වන්න.

29

අවශ්‍ය පරිදි අදාළ නියාමන ආයතනවලින් අනුමැතිය ලබාගෙන තිබේද? ඔව්/නැත

30

ඔව් නම්, කුමන ආයතනවලින්ද යන්න සහ එම අනුමැතිය ලබා දී ඇති දිනයන්.

31

අපේක්ෂිත අනුමැතියන් මොනවාද?

ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත්තු

32

ව්‍යාපෘතිය කැඳවූ හෝ නොකැඳ වූ යෝජනාවක්ද?

33

නොකැඳ වූ යෝජනාවක් නම්  , කරුණාකර ව්‍යාපෘති යෝජකයාගේ විස්තර, ව්‍යාපෘති යෝජනාව සහ එවැනි යෝජනාවක් ඉදිරිපත් කළ දිනය සපයන්න;

34

නොකැඳවූ ව්‍යාපෘති ව්‍යාපෘති සඳහා අරමුදල් බාහිරින් ලබා ගන්නේ නම්; අරමුදල් සපයන්නාගේ නම සහ මූල්‍ය කොන්දේසි

35

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සැපයුම්කරු/වෙළෙඳාම්කරු/කොන්ත්‍රාත්කරුගේ විස්තර සපයන්න;

36

කොන්ත්‍රාත්තුව ලබා දුන්නාද?

37

එසේ නම්, කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරන දිනය

38

එසේ නොමැති නම්, කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමට යෝජිත දිනය?

39

ව්‍යාපෘතිය සඳහා ලංසු ඉදිරිපත් කළ ලංසුකරුවන් සංඛ්‍යාව සහ අදාළ නම්/සම්බන්ධ කරගත හැකි විස්තර සඳහන් කරන්න.

40

මහජනතාවට ප්‍රවේශ විය හැකිල සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව යාන්ත්‍රණය හැසිරවීම තුළ මතුවන ඕනෑම පැමිණිල්ලක් දක්වන්න

තොරතුරු ප්‍රගාමීව හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වගකිව යුතු බව පනතේ සඳහන් වන බැවින්, වගකිවයුතු අමාත්‍යාංශවල සහ රේඛීය ආයතනවල වෙබ් අඩවිවල තොරතුරු තිබේද යන්න විමර්ශනය කිරීම මගින් මාර්ගගත හෙළිදරව් කිරීම් තක්සේරු කිරීම සිදු කරන ලදි.

තොරතුරු සක්‍රීයව හෙළිදරව් කිරීමේ වගකීම අමාත්‍යවරුන් සතු බව පනතේ සඳහන් වන බැවින්, RTI කොමිසම විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශවල සඳහන් වන්නේ යෝජිත ව්‍යාපෘතියකට අදාළ තොරතුරු ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ආකෘතියකින් අමාත්‍යාංශ වෙබ් අඩවියට සිංහල සහ දෙමළ භාෂාවෙන් සහ හැකි නම් ඉංග්රීසියෙන් ලබා දිය හැකි බවයි. වගකිවයුතු අමාත්‍යාංශවල මෙන්ම අදාළ ක්‍රියාත්මක  කිරීමේ රාජ්‍ය ආයතනවල  වෙබ් අඩවිවල තොරතුරු තිබේද යන්න විමර්ශනය කිරීම මඟින් අන්තර්ජාලය ඔස්සේ හෙළිදරව් කිරීම් තක්සේරු කිරීම මෙලෙස සිදු කරන ලදී.

ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව (DPMM) විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘මහා පරිමාණ සංවර්ධන වයාපෘතිවල ප්‍රගතිය’ වාර්තාවල තොරතුරු උපයෝගී කර ගනිමින් අදාළ නියෝජිතායතන හඳුනා ගන්නා ලදී.

පනතට අනුව, නියෝජිතායතනවලට මාර්ගගතව සහ කවුන්ටරය හරහා සහ දැන්වීම් පුවරු වැනි වෙනත් මාධ්‍යයන් මගින් තොරතුරු ප්‍රගාමීව හෙළි කිරීමට විවිධ ක්‍රම භාවිතා කළ හැක. මෙම තක්සේරුව තුළින් වගකිවයුතු අමාත්‍යාංශයේ/ රාජ්‍ය  ආයතනයේ අදාළ වෙබ් අඩවි/ය හරහා මාර්ගගතව හෙළිදරව් කිරීමේ මට්ටම විමර්ශනය කරන ලදි. වෙබ් අඩවියේ ඇති එක් එක් වර්ගයේ තොරතුරු සහ ඉංග්‍රීසි, සිංහල සහ දමිළ යන භාෂා තුනෙන්ම තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාව මෙම තක්සේරුව මගින් විමර්ශනය කරන ලදි.

හෙළිදරව් කර ඇති මට්ටමේ සාමාන්‍යය  ගණනය කිරීමට භාවිතා කරන ලද ක්රමවේදය කුමක්ද?

  • නිල සත්‍යාපිත මූලාශ්‍රවල හෙළිදරව් කර ඇති අදාළ තොරතුරුවල[1] අනුපාතය තක්සේරු කිරීම මගින් එක් එක් ව්‍යාපෘතිය සඳහා ප්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කර තිබීමේ මට්ටමේ සාමාන්‍යයගණනය කර ඇත.

  • අදාළ වෙබ් අඩවියේ තොරතුරු තිබේ නම්, එය “දැනට පවතින තොරතුරු” ලෙස සටහන් කර ඇති අතර, වෙබ් අඩවියේ තොරතුරු ගැන සඳහනක් නොමැති නම්, එය “ලබා ගත නොහැකි තොරතුරු” ලෙස සටහන් කර ඇත.

තොරතුරුවලට ප්‍රවේශ වීමේ  හැකියාව (හෝ භාෂා තුනෙන්ම ලබා ගත හැකි බවගණනය කිරීමට භාවිත කරන ලද ක්රමවේදය කුමක්ද?

  • භාෂා තුනෙන්ම තොරතුරු ප්‍රගාමීව හෙළිදරව් කර ඇති මට්ටම තක්සේරු කර ඇත.
  • ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් තිබෙන තොරතුරු ප්‍රතිශතය හඳුනා ගෙන; අවම වශයෙන් සිංහලෙන්; අවම වශයෙන් දමිළ භාෂාවෙන්

සීමාවන්

  • යටිතල පහසුකම් විපරම තුළින් තක්සේරු කරනු ලැබුවේ, මාර්ගගතව දක්වා ඇති තොරතුරු සංඛ්‍යාව පමණි. එමගින් හෙළිදරව් කරන ලද තොරතුරුවල නිරවද්‍යතාවය, විශ්වසනීයත්වය හෝ කාලෝචිත බව තක්සේරු කර නොමැත.
  • දේශීය යටිතල පහසුකම් ව්‍යාපෘති හා සසඳන විට විදේශීය අරමුදල් සහිත ව්‍යාපෘති සංඛ්‍යාව අඩු වීමට හේතුව වනුයේ සලකා බලන කාල සීමාව තුළ සිදු කරන ලද විදේශීය ව්‍යාපෘති සංඛ්‍යාව අඩු වීමයි.
  • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුව, අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමවලට හෝ දුරකතන ඇමතුම් හරහා සහ පැමිණ තොරතුරු ලබාගැනීමට අවස්ථාව සලසා දීමෙන්, ප්‍රගාමීව තොරතුරු හෙළිදරව් කිරීමට ආයතනවලට හැකියාව පවතී. මෙම විශ්ලේෂණය මගින් විමර්ශනය කරනු ලැබුවේ වගකිවයුතු අමාත්‍යාංශයේ/ රාජ්‍ය ආයතනයේ  අදාළ වෙබ් අඩවි/ය හරහා මාර්ගගතව තොරතුරු හෙළිදරව් කිරීමේ මට්ටම පමණි.
 

[1] සියලු තොරතුරුවලට අදාළ කරුණු සියලු ව්‍යාපෘති සඳහා එකසේ අදාළ නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. උදාහරණයක් ලෙස: ශ්‍රී ලංකා රජය විසින් අරමුදල් සපයනු ලබනව්‍යාපෘති සඳහා පොලී අනුපාත, ණය මුදල් අදාළ නොවේ. එබැවින්, අනාවරණය කිරීමේ මට්ටම ගණනය කිරීමේදී, අප සැලකිල්ලට ගෙන ඇත්තේ එක් එක් ව්‍යාපෘතිය සඳහා අදාළ වන තොරතුරු සංඛ්‍යාව පමණි.

 


 

2022-05-17
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න