රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකා රජය ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් කොපමණ ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන්නේද?

2021 වර්ෂය සඳහා ප්‍රධාන රජයේ ආයතන 3ක් හරහා ජාතික අයවැයෙන් 0.26% ක් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇත. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එකී ආයතන 3 වේ. එසේ වෙන් කරන ලද අයවැයෙන් 82% ක් ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් වැය කිරීමට සැලසුම් කර ඇත. වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා වැය කිරීමට නියමිතය.

ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් සිදු කරන වියදම් ප්‍රතිපාදනවලින් 82% ක් වන අතර මෙහෙයුම් වියදම් සඳහා එම අගය 18% කි. සමස්ත ප්‍රතිපාදන ප්‍රමාණයෙන් 62%ක් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ලබා ගෙන ඇත. එක් එක් අමාත්‍යාංශය සඳහා අදාළ වන වියදම්වල අනුඛණ්ඩනයක් පහත ඉන්ෆොග්‍රාෆිකයෙන් නිරූපණය කර ඇත. 

යෝජිත ව්‍යාපෘතිවලින් බහුතරය තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. සුගතදාස ජාතික ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම ඉන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති ව්‍යාපෘතිය වේ.

2021-08-23
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න