රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
NPP ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකර්මාන්තය සඳහා වූ පොරොන්දු

2024 NPP ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින්, නිෂ්පාදන අකාර්යක්ෂ්‍යමතාව, ඉහල පිරිවැය,ප්‍රධාන අපනයන භෝගවල කඩාවැටීම වැනි කෘෂිකර්මාන්තයේ දැනට පවතින ගැටලු කිහිපයක් නිරාකරණය කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති මාලාවක් ගෙනහැර දක්වයි. 
නවීන තාක්ෂණයන් අනුගමනය කිරීම, ප්‍රතිපත්ති රාමු වැඩිදියුණු කිරීම, ඵලදායිතාව වැඩි දියුණු කිරීම සහ ආනයන මත යැපීම අඩු කිරීම සඳහා ගොවීන්ට වැඩි සහයෝගයක් ලබා දීම වැනි කරුණු මෙමඟින් අවධාරණය කෙරේ.

මෙම කෘෂිකාර්මික පොරොන්දු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික අයවැය හරහා අරමුදල් වෙන් කිරීම අවශ්‍ය වේ.

එම පොරොන්දු වන්නේ,

  1. රාජ්‍ය-පෞද්ගලික-පුද්ගල හවුල්කාරිත්ව ව්‍යාපෘති ලෙස කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ගබඩා, ශීතාගාර සහ සැකසුම් ඒකක ස්ථාපිත කිරීම.

  2. ගොවීන් සඳහා ක්‍රමානුකූල කෘෂිකාර්මික රක්ෂණ ක්‍රමයක්.

  3. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම සහ උක් වගාව වැඩිදියුණු කිරීම.

  4. වසර පහක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයින් 50,000 ක් ස්ථාපිත කිරීම සඳහා මූල්‍ය සහාය.

  5. රබර් වගාවන් සඳහා වැසි ආවරණ භාවිතා කිරීම දිරිගැන්වීම සඳහා සහ රබර් කිරි කැපීම සඳහා දැනට භාවිතා නොකරන රබර් ඉඩම් හඳුනාගෙන ඒවා රබර් කිරි කැපීම සඳහා නැවත යොදවා ගැනීමට මූල්‍ය පහසුකම් ලබාදීම.

  6. ඉහළ අස්වැන්නක් සහිත අර්ධ බහු වාර්ෂික හෝ බහු වාර්ෂික භෝග වර්ග වගා කිරීම සඳහා හෙක්ටයාරයකට මිලියන 1 ක් ණය පහසුකම් ලබා දීම.

  7. කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීන් සඳහා කාර්ය සාධනය මත පදනම් වූ දිරිගැන්වීම් ලබා දීම.

  8. 8. අඩු ආදායම්ලාභී කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කිරි ගොවිපලවල් 7,500 ක් ස්ථාපිත කිරීම.

  9. තරුණ ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා කිරි ගොවිපලවල් 7,500 ක් ස්ථාපිත කිරීම.

  10. ලියාපදිංචි කිරි ගවයින් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දීම.

  11. බිත්තර සහ කුකුළු මස් සඳහා සාධාරණ මිලක් සහතික කිරීම සඳහා පශු සම්පත් සහ අනෙකුත් අමුද්‍රව්‍ය සඳහා බදු සහන ලබා දීම.

  12. අඩු ආදායම්ලාභී කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කුඩා පරිමාණ කුකුළු ගොවිපලවල් 5,000 ක් ස්ථාපිත කිරීම.

  13. ධීවර හා වෙළඳපොළ ක්‍රියාකාරකම් පිළිබඳ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා අරමුදලක්.

  14. බිඳ වැටුණු ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහා ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීම මඟින් නිශ්පාදන පිරිවැය අවම කිරීමට පහසුකම් සැපයීම.

  15. අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම.

  16.  ධීවර ප්‍රජාව සඳහා ඔවුන්ගේ කර්මාන්තයේ භාවිතා කරන උපකරණ සහ මෙවලම් ආවරණය වන පරිදි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම.

  17. ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත සක්‍රීය කිරීම.

  18. ප්‍රමාණවත් දේශීය නිෂ්පාදනයක් වර්ධනය වන තුරු ආනයනික මෙවලම් සඳහා බදු සහන ලබා දීම.

මූලාශ්‍රය

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 https://www.akd.lk/policy/ 

2025-02-13
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න