පාර්ලිමේන්තුවට අදාළ විස්තරාත්මක දත්ත ලබා ගත හැකි ආසන්නතම වර්ෂය 2022 වන අතර, එම වර්ෂය තුළ ශ්‍රී ලංකාව සිය පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යාම සඳහා රුපියල් මිලියන 3,248 ක මුදලක් වැය කර ඇත. එනම්, එක් පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා වැය කළ මුදල සාමාන්‍යයක් ලෙස රුපියල් මිලියන 32.2 කි. දෛනික මෙහෙයුම් කටයුතුවල සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සහ කථානායක කාර්යාලයේ වියදම් දක්වා වූ සියලුම අංශ ආවරණය වන පරිදි ප්‍රධාන කාණ්ඩ තුනක් ඔස්සේ මෙම වියදම් වෙන් කර ඇති අතර එය පහත පරිදි දැක්විය හැක.
වගුව 1: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන දීමනා
දීමනා |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ලබා දෙන මුදල |
රැස්වීම් දීමනාව |
පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු. 2500/= |
කාරක සභා දීමනාව |
පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගි වීම වෙනුවෙන් දිනකට රු. 2500/= බැගින්. (පාර්ලිමේන්තු රැස්වීම් දිනවල පැවැත්වෙන කිසිදු කාරක සභාවකට සහභාගි වීම වෙනුවෙන් දීමනාවක් ගෙවනු නොලැබේ.) |
කාර්යාල දීමනාව |
කාර්යාලයක් පවත්වා ගෙන යාම සඳහා මසකට රු. 100,000/= ක් බැගින්. |
මන්ත්‍රී දීමනාව (වැටුප) |
රු. 54,285.00 |
සංග්‍රහ දීමනාව |
රු. 1,000/= |
රියදුරු දීමනාව |
රු. 3,500/= |
(රියදුරු දීමනාව ගරු මන්ත්‍රීවරයා වෙත ගෙවනු ලබන්නේ රජයෙන් රියැදුරෙකු ලබා නොදෙන්නේ නම් පමණි.) |
|
ඉන්ධන දීමනාව |
එක් එක් මන්ත්‍රීවරයා/වරිය තේරී පත් වූ මැතිවරණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගනිමින් ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොළ මිලගණන් අනුව ගෙවනු ලැබේ. (උදා: කොළඹට ලීටර් 283.94, ගම්පහ සහ කළුතර ලීටර් 355.58) |
දුරකථන දීමනාව |
ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/= (දුරකථන බිල්පත් ගෙවීම හෝ ප්‍රතිපූර්ණය කරනු නොලැබේ) |
පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව |
පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් අයෙක් සඳහා රු. 2,500/= බැගින් මාසිකව රු. 10,000/= |
නිදහස් තැපැල් පහසුකම් |
සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 350,000/= ක් වටිනා මුද්දර (එක් කාර්තුවකට රු. 87,500/= ක් බැගින්) ලබා දේ. |
සටහන
අයවැය මගින් වැටුප් සහ වේතන දක්වා ඇත්තේ පුද්ගල පඩිනඩි වශයෙනි. සවිස්තරාත්මක දත්ත පවතින ආසන්නතම වර්ෂය 2022 වේ. රුපියල් මිලියන 3,248 ක මුදල එම වසරේ පවත්වන ලද මුළු පාර්ලිමේන්තු රැස්වීම් සංඛ්‍යාවෙන් (දින 101) බෙදීමෙන් සාමාන්‍යය ගණනය කර ඇත.
මූලාශ්‍ර