රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2021 වසරේ සිට රජයට වාර්ෂිකව ඇඩො බිලියන 4.4 ක සාමාන්‍යයක් සහිතව විදේශ ණය ගෙවීමට සිදු වේ

2010 සිට 2020 දක්වා ශ්‍රී ලංකා රජයේ සත්‍ය වාර්ෂික විදේශ ණය සේවා ගෙවීම් සහ 2021-2025 දක්වා ප්‍රක්ෂේපිත  විදේශ ණය සේවා ගෙවීම් මෙම තොරතුරු ප්‍රස්තාරය මගින් පෙන්වයි. 

ප්‍රධාන ගෙවීම් සහ පොළී ගෙවීම් අතර විදේශ ණය සේවාකරණය විස්තරාත්මකව දක්වා ඇත. 2010 සිට 2018 දක්වා කාලය තුළ වාර්ෂික විදේශ ණය සේවා ගෙවීම් ඇඩො මිලියන 2,267 ක් විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය 2019 වසරේදී ඇඩො මිලියන 4,600 ක විදේශ ණය සේවා ගෙවීමක් සමග එහි දැවැන්ත වර්ධනයක් අත්දුටු අතර 2018 වසරේ ඇඩො 3,243 ට සාපේක්ෂව 42% ක වැඩි වීමකි. මුදල් අමාත්‍යාංශයේ ප්‍රක්ෂේපණයන් අනුව 2021 සහ 2025 අතර ශ්‍රී ලංකා රජයට ඇඩො මිලියන 4,432 ක් වන වාර්ෂික ණය සේවාකරණ ගෙවීමක් කිරීමට සිදු වේ. මේ කාලය තුළදීම් පොළී ගෙවීම් සංරචකයේ සාමාන්‍යය, වාර්ෂික විදේද ණය සේවාකරණයෙන් 25.3% ක් වන අතර ඉතිරි 74.7% මූලික් ගෙවීම වෙයි. 2025 වසරේදී, ඇඩො මිලියන 2,150 ක් වන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කල් පිරෙන බැවින් විදේශ ණය සේවාකරණ ගෙවීම ඇඩො 5,075 ක උපරිමයකට ළඟාවන බව ප්‍රක්ෂේපණය කෙරේ.  

 

2021-11-08
2 අදහස්
This is serious situation. Having so many natural resourses tallented people this is a shame. All the public including officers and politicians held accountable.
Muhandiram
17 Apr 2022
Solution : establishment of taxpayers association...www.taxpayers.com
sumith
21 Aug 2022
ඔබේ අදහස් දක්වන්න