රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2022 සිට 2027 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ස්වෛරී විදේශ ණය පියවීම් වල වාර්ෂික සාමාන්‍යය ඇඩො බිලියන 4.4 ක් දක්වා ඉහළ යනු ඇත

මෙම තොරතුරු ප්‍රස්ථාරය මගින් 2011 සිට 2021 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජයේ සත්‍ය වාර්ෂික විදේශ ණය සේවාකරණ පියවීම් සහ 2022 සිට 2027 දක්වා පුරෝකථනය කළ  විදේශ ණය සේවාකරණ පියවීම් පෙන්නුම් කරයි.

විදේශ ණය සේවාකරණයට අදාළව, මූලික ණය මුදල පියවීම සහ ණයපොළී පියවීම් දත්ත මෙම ප්‍රස්ථාර සටහනේ දැක්වේ. 2011 සිට 2021 දක්වා කාලය තුළ විදේශ ණය සේවාකරණ පියවීම් වල වාර්ෂික සාමාන්‍යය ඇඩො මිලියන 2,884 ක අගයක් ගන්නා ලද. කෙසේ වෙතත් 2019 වසරේදී ශ්‍රී ලකා රජය විදේශ ණය සේවාකරණ පියවීම් වල සැළකිය යුතු ඉහළයාමක් නිරීක්ශනය කළ අතර, එය 2018 වසරේ පැවති ඇඩො මිලියන 3,243 සිට 42% ක වැඩි වීමක්, එනම් ඇඩො මිලියන 4,600 ක් දක්වා වැඩි වීමකිමුදල් අමාත්‍යාංශයේ පුරෝකථනයන්ට අනුව 2022-2027 දක්වා කාලය තුළ විදේශ ණය සේවාකරණ ගෙවීම්වල  වාර්ෂික සාමාන්‍යය ඇඩො මිලියන 4,383 ක් වන බව දත්ත අනුව පෙනී යයි.

2022-09-21
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න