රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකා දුම්රිය සේවය: පාඩු පිළිබඳ වාර්තාව

පසුගිය වසර කිහිපයක කාලය පුරාවටම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ බරපතල පාඩු ලබමිනි. ගෙවුණු වසර 10ක කාලය- 2010-2020, ඇතුළත පමණක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ලබා තිබෙන අලාභයේ මුළු එකතුව රුපියල් බිලියන 331කි. තවත් විදියකින් කියතොත්, පාඩු ලබා තිබෙන අනෙක් රාජ්‍ය සමාගම් අතරින්, දුම්රිය දෙපාර්තමේන්තුව තිබෙන්නේ පළවෙනි තැන ය.

උද්ගතව තිබෙන තත්ත්වය කෙසේද යත්, මගී ප්‍රවාහන කටයුතු හරහා ( සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රයන් නිකුත් කිරීම්, වාර ප්‍රවේශ පත්‍රයන් නිකුත් කිරීම්), භාණ්ඩ ප්‍රවාහනය කිරීම හරහා කරන උපයාගැනීම් සහ වෙනත් උපයාගැනීම් හරහා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම, එහි සේවකයින්ගේ වේතන සහ කුලී ගෙවීමට පවා ප්‍රමාණවත් නැත. මෙම ගෙවීම් අතරට, අතිකාල දීමනා, නිවාඩු දීමනා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට ගෙවන වෙනත් දීමනා ආදිය ද, ඇතුළත් ය. මෙසේ, වේතන-කුලී සහ දීමනා ගෙවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැයකරන මුදල, ගෙවුණු 8 වසරක කාලය සළකූ විට (2013-2020), එම දෙපාර්තමේන්තුවේ සමස්ත වියදම්වලින් 24% කි.

2020 වසරේ ලබා තිබෙන අලාභය මේ අතරින් වඩාත් කැපී පෙනේ. අගයක් වශයෙන් එය රුපියල් බිලියන 45කි. කෙසේවුවත්, මෙවැනි අලාභයක් ලැබීමට ප්‍රධාන හේතුව රටේ පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ, පසුගිය 2020 වසරේ දී, රට අගුලුලෑමට සහ සංචරණ සීමා පැනවීමට රජය පියවර ගැනීම බව සදහන් කළ යුතුවේ.

2021-09-24
2 අදහස්
Any suggestions how to reverse this situation?
Lakshan Wickrema
12 Oct 2021
With the Nortern , Hill country trains being fully booked and CGR owned property rentals increased by almost 1000% I strongly feel CGR is recovering fast towards profitability .
Dhammika
04 Feb 2024
ඔබේ අදහස් දක්වන්න