රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාව සිය අදායමෙන් වැඩි කොටසක් වැය කරන්නේ පොළී ගෙවීම් සදහාය.

පහත'ප්‍රස්ථාරය'මගින්'2020'වර්ෂයෙහි'ල''අධික'ණය'මට්ටම්'සහිත'රටවල්වලදළ'දේශීය'නිෂ්පාදනයේ'ප්‍රතිශතයක්'ලෙස'දළ'ණයත්ල'ආදායමේ'ප්‍රතිශතයක්'ලෙස'පොළී'ගේවීමුත්'දක්වයිග'

රජයට තම ණය සේවාකරණයට අවශ්‍ය අරමුදල් සපයාගැනීමේ ක්‍රමයක් තිබේනම් (වෙළඳ පොලේ විශ්වාසය පවත්වාගැනීම මගින්) සහ පොළී පිරිවැය ඉතා ඉහළ  මට්ටමක නොමැතිනම්,  
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය ඉහළ අගයක් ගැනීම ගැටළුවක් නොවේ. රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදනයේ අනුපාතයක් ලෙස සැලකීමෙන් මනිනු ලබන ශ්‍රී ලංකාවේ ණය බර,ග්‍රීසිය, 
ජපානය හෝ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් සමග සංසන්දනය කල හැකිය. 

කෙසේ වෙතත් දත්ත ලබා ගත හැකි සියලුම රටවල් හා සසඳන විට 2020 වර්ෂයේ රජයේ ආදායමට සාපේක්ෂව වැඩිම පොලී ගෙවීම් ප්‍රතිශතයක් ඇත්තේ ශ්‍රී ලංකාවටය. 2020 වසරේදී ශ්‍රී ලංකාවේ පොලී  පිරිවැය රාජ්‍ය ආදායමේ අනුපාතයක් ලෙස පෙර නොවූ විරූ 71.7% ක මට්ටමකට පැමිණ ඇත. ශ්‍රී ලංකාව සිය ආදායමෙන් තුනෙන් දෙකකට වඩා පොලිය වශයෙන් ගෙවන අතර ජපානය වැනි, රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයේ අනුපාතයක් ලෙස ඉතා ඉහල මට්ටමක පවතින රටවල් පොලී  ලෙස ගෙවන්නේ සිය අදායමෙන් 8.2% කි. (පසුගිය වසර වල අනුපාතය පිළිබද වැඩි විස්තර 

https://publicfinance.lk/en/topics/Interest-Cost-Accounts-for-717-percent-of-Government-Revenue-1625468514 ) 

සටහන්: රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයේ අනුපාතයක් ලෙස 80% ට වැඩි හා 2020 වර්ෂය සඳහා දත්ත ලබා ගැනීමේ හැකියාව මත  රටවල් තෝරා ගන්නා ලදී. 

මුලාශ්‍ර : 2020 හා 2019 මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තා  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - ලෝක ආර්ථික දැක්ම, 2021 (World Economic Outlook ,2021) 

 

රට 

පොලි ගෙවීම් / පොලියට ආදායම් අනුපාත සදහා මුලාශ්‍ර 

එක්සත් රාජධානිය 

House of Commons Briefing paper; May 2021 

ග්‍රීසිය 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටෙහි වාර්තාව   – Nov 2020 

ඉතාලිය 

ආර්ථික හා මුදල් අමාත්‍යාංශය 

මාලදිවයින 

මුදල් අමාත්‍යාංශය: 2020 සංඛ්‍යාලේඛන අය වැය 

බහරේනය 

මූඩිස් 

එක්සත් ජනපදය 

ලෝක බැංකු දත්ත      

භූතානය 

මුදල් අමාත්‍යාංශය: ජාතික අයවැය මූල්‍ය වර්ෂය 2019-2020 

කැනඩාව 

ෆ්‍රේසර් ආයතනය 

ප්‍රංශය 

ස්ටැටිස්ටා. 2021. ණය පොලී වියදම් ප්‍රංශය 2020 

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල; රටෙහි වාර්තාව -2020 ( ප්‍රක්ෂේපිත අගයන්

සීෂෙල්ස් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල; රටෙහි වාර්තාව -2020 (ප්‍රක්ෂේපිත අගයන්) 

ඉන්දියාව 

 මුදල් අමාත්‍යාංශය, ඉන්දියාව 

ජෝර්දානය 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල; රටෙහි වාර්තාව (ප්‍රක්ෂේපිත අගයන්) 

මොරිෂස් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල; රටෙහි වාර්තාව ( ප්‍රක්ෂේපිත අගයන් ) 

ටියුනීසියාව 

 Economic-research.bnpparibas.com. 2021 

පකිස්ථානය 

පාකිස්තාන රජය, මුදල් අංශය: ෆෙඩරල් අයවැය 2020-21 

ජපානය 

මුදල් අමාත්යංශය ; රාජ්‍ය මුල්‍ය පත්‍රය 

2021-09-07
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න