රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
සහන පැකේජය: ඇතුළත් වන්නේ කුමක් ද, මුදල් සපයාගන්නේ කෙසේ ද?

2021 දෙසැම්බර් මස 12.1%1 උද්ධමනය සමඟ ජීවන වියදම ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන්, අමාත්‍ය මණ්ඩලය විසින් 2022 ජනවාරි 3 වන දින රුපියල් බිලියන 229 ක සහන පැකේජයක් අනුමත කරන ලදී.

සහන පැකේජයේ ඇතුළත් කර ඇති යෝජනා පහත විස්තරයෙන් දැක්වේ.

ශ්‍රී ලංකාවේ අඩුවෙමින් පවතින මූල්‍ය අවකාශය හමුවේ, එවැනි පැකේජයක් සඳහා මුදල් සැපයීම නව අභියෝග නිර්මාණය කරයි.

සහන පැකේජය සඳහා නව බදු ක්‍රියාමාර්ග හරහා මුදල් ලබා නොදෙන බවත්, කලින් අනුමත කළ වියදම් නැවත වෙන් කිරීමට උත්සාහ කරන බවත්, ඒ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බවත් රජය ප්‍රකාශ කර ඇත

රුපියල් 2,321 ක රජයේ ඇස්තමේන්තුගත ආදායම් අගය මත පදනම්ව, සහන පැකේජය සඳහා රජයේ ආදායමෙන් 10% ට සමාන මුදලක් වැයවේ. කෙසේවෙතත්, 2022 අයවැය පිළිබඳ වෙරිටේ හි ප්‍රසිද්ධ වාර්තාව රජය විසින් ආදායම් අගය අධිතක්සේරු කර ඇති බව අවධාරණය කරන අතර, වෙරිටේ විසින් එම අගය රුපියල් බිලියන 1,900 ක් ලෙස ගණන් බලා ඇත. එයින් ගම්‍ය වන්නේ සහන පැකේජය රාජ්‍ය ආදායමෙන් 12%ක්වන බවයි.

සහන පැකේජය මුළු ඇස්තමේන්තුගත වියදමෙන් 6%ක් සහ මුළු ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදමින් 24%ක් වේ.

2022 සඳහා රජයේ අයවැය ලේඛන මත පදනම්ව ආදායමේ වැඩිවීමක් සහ අනුමත වියදම්වල අඩුවීමක් නොමැති නම්, මෙම සහන පැකේජය ඇතුළත් කළහොත් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.5% ක මූලික ඇස්තමේන්තුවෙන් 9.7% දක්වා ඉහළ යනු ඇත. කෙසේ වෙතත්, රජය විසින් ආදායම් අධිතක්සේරු කිරීම හේතුවෙන්, සහන පැකේජය සඳහා ගිණුම් කිරීමට පෙර 2022 සඳහා අයවැය හිඟය රුපියල් බිලියන 2,020 (දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.9%) ලෙස වෙරිටේ ඇස්තමේන්තු කරයි. සහන පැකේජය ඇතුළත් කළහොත්, අයවැය හිඟය රුපියල් බිලියන 2,249 (දළ දේශීය නිෂ්පාදිතයෙන් 12.1%) දක්වා ඉහළ යනු ඇතැයි වෙරිටේ ඇස්තමේන්තු කරයි.

2022 අයවැයෙන් අවසර නොලබන ඕනෑම නව වියදමක් සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු පරිපූරක ඇස්තමේන්තුවක් අවශ්‍ය වේ. කෙසේවෙතත්, 2022 අයවැය කතාවේ 5.4.4 ඡේදයේ මුදල් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර ඇත.

 "..එමෙන්ම සෑම අමාත්‍යාංශයක්ම 2022 වර්ෂය තුල පරිපූරක ඇස්තමේන්තු ඉල්ලීම් වලක්වන සංශෝධනද විසර්ජන පනත් කෙටුම්පතට  ඇතුළත්කිරීමට ද මා යෝජනා කරනවා.."

එමගින් පරිපූරක ඇස්තමේන්තු භාවිතා කිරීම රජය විසින් ස්වකීය කැපවීම් කඩකිරීමක් සිදුවනු ඇත.

2022-02-01
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න