රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාව සිය මණ්ඩල මට්ටමේ ගිවිසුම සුරක්ෂිත කර ගැනීමට කොපමණ කාලයක් ගත කළාද?

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන මාතෘකාවක් වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමකට එළඹීම ප්‍රමාද වීම ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර කනස්සල්ලට හේතු වේ. 

2009 වසරේ සිට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වූ අනෙකුත් රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාව සඳහා වූ නිලධාරී මට්ටමේ එකඟතාව සහ මණ්ඩල මට්ටමේ ගිවිසුම අතර ගත වූ කාලය පිලිබඳ මෙම ඉන්ෆොග්‍රෆිකයෙන් අපි බලමු.

ගිවිසුම් දෙක අතර දින 200 ක පරතරයක් ඇතිව, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ බෙහෙවින් ප්‍රමාද වී ඇති බව ප්‍රසිද්ධියේ පවතින තොරතුරු දෙස බැලූ විට අපට පෙනී ගියේය.

මෙම ප්‍රමාදය රටේ ආර්ථිකයට මෙන්ම අනාගතයේදී ජාත්‍යන්තර මූල්‍යකරණයට ප්‍රවේශ වීමේ හැකියාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. 

වැඩි විස්තර සහ විදසුන් සඳහා පහත ඇති ඉන්ෆොග්‍රෆිකය බලන්න. 

2023-03-21
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න