රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2023 දී රජය සිය වියදම් සඳහා මුදල් යෙදවූයේ කෙසේද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික සමාලෝචනය හරහා පසුගියදා නිකුත් කරන ලද 2023 මූල්‍ය සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වන්නේ 2023 වසර සඳහා ශ්‍රී ලංකා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 5,357 ක් වූ බවයි. මෙම වියදමෙන් සැලකිය යුතු කොටසක්, එනම් රුපියල් බිලියන 2,456 ක් (43%) වූ මුදල දැනට පවතින රජයේ ණය පොලී ගෙවීම් සඳහා වැය කර ඇත. ඉන් අනතුරුව රුපියල් බිලියන 1,005 ක් සංක්‍රාම ගෙවීම් සහ රුපියල් බිලියන 939 ක් වැටුප් හා වේතන ගෙවීම සඳහා වැය කර ඇත. 

රජය සිය වියදම්වලින් 57% ක් සපයාගෙන ඇත්තේ ආදායම් ප්‍රභව සහ මූලික වශයෙන් බදු හරහා උපයාගත් මුදල් යොදවා ඇති අතර එය රුපියල් බිලියන 3,017 කි. ප්‍රධාන ආදායම් දායකයන් වූයේ දේශීය භාණ්ඩ හා සේවා මත බදු (ප්‍රධාන වශයෙන් වැට් බද්ද සහ සුරාබදු) වන අතර එය රුපියල් බිලියන 1,399 ක් වූ අතර ආදායම සහ ලාභය මත බදු (ප්‍රධාන වශයෙන් ආයතනික හා පෞද්ගලික ආදායම් බදු) රුපියල් බිලියන 911 ක් විය. 

ඉතිරි 43% රජයේ වියදම් සඳහා මුදල් ලබාදී ඇත්තේ ණය ගැනීම් හරහා වන අතර එය රුපියල් බිලියන 2,282 කි. විශේෂයෙන්ම, රජයට ණය ලබා ගැනීමට සිදුවූයේ වසර සඳහා සිය පොලී ගෙවීම් ආවරණය කිරීම සඳහා පමණක් වන අතර එහි මුළු මුදල රුපියල් බිලියන 2,456 කි. අයවැය හිඟය පියවා ගැනීම සඳහා මෙම අතිරේක ණය ගැනීම මගින් රජයේ මුළු ණය ප්‍රමාණය වැඩි කරන අතර අවසානයේ පොලී බිල්පත තවදුරටත් ඉහළ නංවයි. 

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික ආර්ථික සමාලෝචනය (2023) https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-economic-review/annual-economic-review-2023 දී [අවසන් වරට ප්‍රවේශ වන ලද්දේ  2024 මැයි 27] 

 

2024-05-27
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න