රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාවට විදේශ ණය ගලා ඒම

පසුගිය වසර පහක කාලය තුළ (2017-2021) ශ්‍රී ලංකාව සෑම වසරකම ගත් ද්වි පාර්ශවික ණය වලින් වැඩි ප්‍රමාණයක් ගත්තේ චීනයෙනි. 2021 දී චීනය ඇමෙරිකානු ඩොලර් මිලියන 947 ක් ලබා දුන් අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 809 ක් චීන සංවර්ධන බැංකුවෙන් වෙළඳපල ණය ලෙස ලබා ගන්නා ලදී. 

පසුගිය වසර පහ තුළ ගත් බහු පාර්ශ්වික ණය වලින් වැඩි ප්‍රමාණයක් ගත්තේ  ආසියානු සංවර්ධන බැංකුවෙන් වන  අතර 2021 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 610 ක් ලබා දී තිබිණි. 

2022 වසරේ පළමු මාස හතර තුළ ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 968 ක මුදලක් ණය ලෙස ලබා ගෙන තිබිණි. මෙම කාලය තුළ ලැබුණු ණය වලින් වැඩි ප්‍රමාණයක් ලැබී  තිබුනේ ඉන්දියාවෙනි. 2022 වසරේ පළමු මාස හතර තුළ ලැබූ ණයවලින් 76% ක් ඉන්දියාවෙන් (අමෙරිකානු ඩොලර් මිලියන 377) සහ ආසියානු සංවර්ධන බැංකුවෙන්  (ඇමෙරිකානු ඩොලර් මිලියන 360) ලැබුණු ණය මුදලින් සමන්විත වෙයි. 

 

2022-09-14
1 අදහස්
Loans
Mubarak Casim
15 Feb 2023
ඔබේ අදහස් දක්වන්න