රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
වසරේදී උද්ධමනය ඉහළ යාමට දායක වූ කරුණු

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ යාමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දැක ගත හැකි අතර, උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේදී 12.1% ක අගයක් පෙන්වමින් ඉලක්කම් ද්විත්වයකට ළඟා විය. 2009 ජනවාරි මාසයෙන් පසු ශ්‍රී ලංකාව ඉලක්කම් ද්විත්වයක උද්ධමනයකට ළඟා වූ පළමු අවස්ථාව මෙය වේ. ඉහත රූප සටහන මගින් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ යාමට දායක වූ ප්‍රධාන කරුණු ගෙන හැර දැක් වේ. 

 2021 මැද භාගයේ සිට සිදු වූ උද්ධමනයේ ඉහළ යාමට ආරම්භයේදී බොහෝ දුරට හේතු වූයේ ආහාරපාන සහ ඉන්ධනවල මිල ඉහළ යාම වැනි සැපයුම මත පදනම් වූ සාධක වේ. කෙසේ වෙතත්, 2021 අවසාන භාගයේදී සහ 2022 ජනවාරි මාසයේදී, උද්ධමනය සඳහා දායක වූ කරුණු, සැපයුම මත පදනම් වූ සාධකවලින් ඔබ්බටද පුළුල් විය. 

මෙම රූපසටහනින් ප්‍රතිශතයන් ලෙස දක්වා ඇත්තේ, 2021 ජනවාරි මාසයට සාපේක්ෂව උද්ධමන දර්ශකයට අදාළව සිදු වූ ඉහළ යාම් බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. එම නිසා, එම අගයන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මතුපිට උද්ධමනය ලෙසින් ප්‍රකාශයට පත් කරන ලක්ෂ්‍යමය උද්ධමනයට සමාන නොවනු ඇත. තවද, මෙම සටහනින් ප්‍රතිශතයන් ලෙස දක්වා ඇති ඉහළ යාම්, බර තැබූ අගයන් නොවේ. එබැවින්, සමස්ත උද්ධමන පැස තුළ සුළු වශයෙන් බර තැබූ ඇතැම් කාණ්ඩවල මිල ගණන්, වැඩි ප්‍රතිශතයකින් ඉහළ යා හැක (උදා: ආපනශාලා හා හෝටල්). එක් එක් කාණ්ඩය මත තැබූ බර පහත වගුවේ දක්වා ඇත: 

  

බර 

සියලුම භාණ්ඩ සඳහා උද්ධමනය 

100.0% 

ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග 

28.2% 

ආහාර නොවන භාණ්ඩ 

71.8% 

මද්‍යසාර පාන සහ දුම්කොළ 

1.0% 

රෙදිපිළසහ පාවහන් 

2.3% 

නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන 

32.0% 

ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු කටයුතු 

2.5% 

සෞඛ්‍ය 

4.4% 

ප්‍රවාහන 

10.6% 

සන්නිවේදනය 

3.3% 

විනෝදාත්මක සහ සංස්කෘතික 

1.3% 

අධ්‍යාපනය 

5.9% 

ආපනශාලා සහ හෝටල් 

5.1% 

විවිධ භාණ්ඩ හා සේවා 

3.3% 

2022-02-28
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න