රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා ගතවන කාලය සමන්‍යක් ලෙස

තම රාජ්‍ය ණය දරාගත නොහැකි වූ විට රටක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යොමු වෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ වනුයේ ණය ගෙවීම ක්‍රමානුකූලව පැහැර හැරීමක් හෝ ණය  ගෙවීම අක්‍රමවත් ලෙස පැහැර හැරීමක් හරහාය.

ක්‍රමවත් පැහැර හැරීමක් යනු රටක් ණය ගෙවීමක් අතපසු නොකිර, ණය ගෙවීම් අත්හිටුවීමට ණය හිමියගේ අනුමැතිය ඇතිව තාවකාලිකව ණය ගෙවීමක් මග හැරීමයි.

අක්‍රමික ලෙස ණය ගෙවීම් පැහැර හැරීමකදී ණය හිමියන්ගේ අනුමැතිය නොමැති වන අතර ණය සේවකරණය දිගටම කරගෙන යාමට නොහැකි වේ.

ක්‍රමානුකූල ණය පැහැර හැරීමකින් පසු ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කල රටවලට වඩා අක්‍රමික ලෙස ණය ගෙවීම් පැහැර හැර ණය  ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ඇතුළු වූ රටවල් තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වැඩි කාලයක් ගත වූ බව මෙම ග්‍රැෆික් සටහනින් පෙන්වයි.

2022-06-10
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න