රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩීසල්වල සිල්ලර මිල, රජය ඒවා මෙරටට ගෙන්වීමට දරන මුළු පිරිවැයට වඩා වැඩිය

පහත දැක්වෙන වගුවේ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙරටට ගෙන්වීමේ දී, දරන පිරිවැය- (සිංගප්පූරු ප්ලැට්ස් පෙට්‍රල් සඳහා ගොඩබෑමේ පිරිවැය, සැකසුම් පිරිවැය සහ පරිපාලන පිරිවැය ඇතුළත්), හා බදු (රේගු බදු, සුරාබදු සහ වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු ඇතුළත් ) වල එකතුව, ඔක්ටේන් 92 පෙට්‍රල් එක් ලීටරයක් විකිණීමේ සිල්ලර මිල සමග සංසන්දනය කර ඇත. 


ඔක්ටේන් 92 පෙට්‍රල් මෙරටට ගෙන්වීමේ දී, දරන පරිවැය ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් අමාත්‍යංශය ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව නිකුත් කර ඇති තොරතුරු මත පදනම් වූ ඇස්තමේන්තුවකි.

උදාහරණයක් ලෙස, 2021 ජුනි 13 වන දින ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල, බදු නොමැතිව, රු.111 විය (සිංගප්පූරු ප්ලැට්ස් පෙට්‍රල් සඳහා ගොඩබෑමේ පිරිවැය, සැකසුම් පිරිවැය සහ පරිපාලන පිරිවැය ඇතුළත් වේ). කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රු. 40 ක මුළු බද්දක් අය කරන ලදී.  


මෙනිසා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දරන විකිණුම් පිරිවැය රු 151 දක්වා ඉහළ ගිය අතර එහි සිල්ලර විකිණුම් මිල වූයේ රු 157කි.


අය කරන බද්ද සහ ඉන්ධන පිරිවැය කාලයත් සමඟ වෙනස් වී ඇත. නිදසුනක් ලෙස, 2020 අප්‍රේල් මස අවසානයේදී, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට දැරිය යුතු වූ පිරිවැයරු. 28 ක් වූ අවම අගයක පැවති විට (බදු නොමැතිව),  එම එක් පෙට්‍රල් ලීටරයක් සඳහා පනවා තිබූ මුළු බද්ද රු. 105 ක් විය. ගෝලීය මිල ඉහළයාම හේතුවෙන් පිරිවැය වැඩිවීමට පටන් ගත් විට, කාලයත් සමඟ අය කරන ලද බද්ද 2021 ජුනි මාසයේදී රු. 40 දක්වා පහත වැටී ඇත. 


2020 සහ 2021 කාලය ඇතුළත, පනවා තිබූ රජයේ බදු නොසළකා හැරි විට පවා, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට අයකරන ලද මිල, එම එක් පෙට්‍රල් ලීටරයක් මෙරටට ගෙන්වීමට දැරිය යුතුව තිබූ පිරිවැයට වඩා ඉහළ අගයක් ගත්බව විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. එබැවින් නව මිල ගණන් යටතේ (2021 ජුනි 11 සිට බලපැවැත්වෙන පරිදි) බදු ආදායමෙන් රු. 40 ක ලාභයක් ලබා ගැනීමට රජයට තවමත් හැකි වී තිබේ. එය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් විකිණීමේදී ලබාගත් රු.6ක ආන්තිකයට අමතරව ය. 


2020 සහ 2021 දී රජය බදු ප්‍රතිපත්තිය වෙනස් නොකළේ යැයි උපකල්පනය කලහොත් - එනම්, 2019 අවසානයේ පැවති බදු අනුපාතයන් වෙනස් නොකර එලෙසම පවත්වාගෙන ගියේ නම් සහ 2018 මැයි මස හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය ඉන්ධන මිල තීරණය කිරීම සඳහා යොදාගත්තේ නම්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහත පරිදි වනු ඇත.

පහත දැක්වෙන වගුවේ ඔටෝ ඩීසල් මෙරටට ගෙන්වීමේ දී, දරන පිරිවැය- (සිංගප්පූරු ප්ලැට්ස් පෙට්‍රල් සඳහා ගොඩබෑමේ පිරිවැය, සැකසුම් පිරිවැය සහ පරිපාලන පිරිවැය ඇතුළත්), හා බදු (රේගු බදු, සුරාබදු සහ වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු ඇතුළත් )වල එකතුව, ඔටෝ ඩීසල් එක් ලීටරයක් විකිණීමේ සිල්ලර මිල සමග සංසන්දනය කර ඇත 

උදාහරණයක් ලෙස, 2021 ජුනි 13 වන දින ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.106 විය. ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රු. 13 ක මුළු බද්දක් අය කරන ලදී. මෙමඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔටෝ ඩීසල් ලීටරයක විකිණුම් පරිවැයරු. 119 දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, එහි සිල්ලර විකුණුම් මිල රු. 111 ක් පමණි. එබැවින්, විකුණන ලද ඔටෝ ඩීසල් ලීටරයකට රු. 8 ක අලාභයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබයි. 


එහෙත්, රජය තවමත් ඔටෝ ඩීසල් අලෙවියෙන් බදු වශයෙන් ලීටරයකට රු. 13 ක ලබා ගනී. එබැවින් ඔටෝ ඩීසල් සඳහා රජයට ලැබෙන ශුද්ධ ලාභය ලීටරයකට රු. 5 කි. 


2020 සහ 2021 දී රජය බදු ප්‍රතිපත්තිය වෙනස් නොකළේ යැයි උපකල්පනය කලහොත් - එඑනම් 2019 අවසානයේ පැවති බදු අනුපාතයන් වෙනස් නොකර එලෙසම පවත්වාගෙන ගියේ නම් සහ 2018 මැයි මස හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය ඉන්ධන මිල තීරණය කිරීම සඳහා යොදාගත්තේ නම් ඔටෝ ඩීසල් ලීටරයක මිල පහත පරිදි වනු ඇත. 

සටහන: මෙම ගණනය කිරීම මුදල් අමාත්‍යාංශය විසින් ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව නිකුත් කර ඇති තොරතුරු මත පදනම් වූ ඇස්තමේන්තුවක් පමණි. ඇස්තමේන්තුව ලබාගෙන ඇත්තේ සමස්ත අගයන් නැවත ප්‍රති-ගණනය (Reverse Engineering) කිරීමෙනි. එම ගණනයේ දෝශයක් තිබීමේ සම්භාවිතාව (Margin of Error) 3%කි.  
ඉහත ගණනය කිරීම් සඳහා භාවිතා කරන දත්ත සහ උපකල්පන පිළිබඳ විස්තර පහත වගුවේ දක්වා ඇත; 

 

විචල්ය

විස්තර 

උපකල්පනය

V 1

ගොඩබෑමේ පිරිවැය (රු./ලීටර) 

 
 

ඇතුළත් වේ 

 
  බැරලයක බර සාමාන්‍ය වාරිකය සහ වාෂ්පීකරණය හේතුවෙන් සිදුවන පාඩුව 

ඩීසල් සඳහා ඇමරිකානු ඩොලර් 3යි 
- පෙට්‍රල් සඳහා ඇමරිකානු ඩොලර් 2ග3යි

 

ඇමරිකානු ඩොලර් වලින් බැරලයකට සිංගප්පූරු මිල 

ශ්‍රී ලංකා මහ බැංකුව දායකත්ව පදනම මත නිකුත් කරනු ලැබූ සිංගප්පූරු පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් 

 

විනිමය අනුපාතය (ඇමරිකානු ඩොලර්/රු.*

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් ීඡධඔ විනිමය අනුපාතය 

 

භද දf ඛසඑරුි චැර ඉ්රරුක 

158.9

V 2

සැකසුම් පිරිවැය (රු./ලීටර) 

- 6ග6% පෙට්‍රල් සඳහා ගොඩබෑමේ පිරිවැය 
- 4ග6% පෙට්‍රල් සඳහා ගොඩබෑමේ පිරිවැය 

V 3

පරිපාලන පිරිවැය (රු./ලීටර) 

ගොඩබෑමේ පිරිවැයෙන් 4% ක් යැයි උපකල්පනය කෙරේ 

V 4

බදුකරණය (රු./ලීටර) 

රේගු ආනයන තීරුබදු, සුරාබදු, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බද්ද (ඡ්ඛ) සහ ජාතිය ගොඩනැගීමේ බද්ද (දැන් අහෝසි කර ඇත) 

2021-06-23
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න