රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාව සිය විදේශ දූත මණ්ඩල සඳහා කොපමණ මුදලක් වැය කරනවාද?

 ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සඳහා වන වියදම් වසර ගණනාවක් තිස්සේ ස්වාභාවික වැඩිවීමක් පෙන්නුම් කර ඇති අතර, එම වියදම්වලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් විදේශ දූත මණ්ඩලවල සේවය කරන කාර්ය මණ්ඩලයේ පුද්ගල පඩි නඩි සඳහා වේ. මෙම පුද්ගලික පඩිනඩිවලට වැටුප් හා වේතන, අතිකාල සහ නිවාඩු දින වැටුප් සහ දූත මණ්ඩල කාර්ය මණ්ඩලය සඳහා වන වෙනත් දීමනා ඇතුළත් වේ. ​

සිය දකුණු ආසියානු අසල්වැසියන්ගේ විදේශ දූත මණ්ඩල සඳහා වන වියදම් හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ වියදම් පවතින්නේ කොතැනකද?​

දත්ත පෙන්වා දෙන්නේ රටක, අවම වශයෙන් දකුණු ආසියාවේ රටක,  විදේශීය දූත මණ්ඩල සඳහා වැය වෙන වියදම් රඳා පවතින්නේ රට කොතරම් විශාලද, ජනගහනය හා ප්‍රමාණය අනුවද යන්න බවයි.​

ජනගහනයේ විශාලත්වය සහ භූමි ප්‍රමාණය ද වෙනත් රටවල පවත්වාගෙන යනු ලබන විදේශීය දූත මණ්ඩල ගණන තීරණය කරන බවක් පෙනෙන්නට තිබුණි. ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සඳහා වන වියදම් ඉන්දියාව සහ පාකිස්තානය වැනි විශාල දකුණු ආසියානු සගයන්ට වඩා අඩුය.​

2021-04-23
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න