රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ප්‍රවාහන අංශයට අදාළව ලබා දුන් ප්‍රතිපත්තිමය පොරොන්දු රජය විසින් 2021 අයවැය හරහා ඉටු කර තිබේද?

ජාතික ප්‍රතිපත්ති රාමුව: ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’  රජයේ නිල ප්‍රතිපත්ති ලේඛනයයි. එනිසා මෙම ප්‍රතිපත්ති ලේඛනයේ සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටීයි. මින් බහුතරයක් ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවරක් ලෙස රජය ජාතික අයවැය තුළින් මුදල් වෙන් කළ යුතුය.

2021 අයවැය හරහා ප්‍රතිපාදන වෙන් වී තිබෙන ප්‍රවාහන අංශයේ ප්‍රතිපත්ති මෙම ග්‍රැෆික් සටහන මඟින් ගෙන හැර දක්වයි. 

පූර්ණ ප්‍රතිපාදන - ප්‍රතිපත්ති යෝජනාවේ සඳහන් සියලු අංග සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත. එහෙත්, මුල්‍යමය වශයෙන් එම ප්‍රතිපාදන ප්‍රමාණවත් දැයි සහතික කිරීමට නොහැක. 

අර්ධ ප්‍රතිපාදන - ප්‍රතිපත්ති යෝජනාවේ සමහර අංග සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැත 

ප්‍රතිපාදන නොමැත - ප්‍රතිපත්ති යෝජනාවේ කිසිදු අංගයක් සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැත.

සටහන: මෙම විශ්ලේෂණය සිදු කිරීමේදී අයවැය ප්‍රතිපාදන අවශ්‍යවන ප්‍රතිපත්ති පමණක් සැලකිල්ලට ගෙන ඇත. රෙගුලාසි, පාලනය සහ නෛතික ව්‍යුහයන් වෙනස් කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති කිසිවක් මීට ඇතුළත් කර නොමැත. 

 

For more details on the policy "Develop a 100,000km alternative road system  see the video below.

2021-04-05
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න