රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මාර්ග සංවර්ධනය සඳහා 2021 අයවැය ප්‍රතිපාදන

2021 අයවැයෙන් මාර්ග සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 375 කි. මෙය, මහාමාර්ග අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 350කින් සහ ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ රුපියල් බිලියන 25කින් සමන්විත වේ. මහාමාර්ග අමාත්‍යාංශයට රු.බි 157 ක් වෙන් කරන ලද 2019 වර්ෂයේ සත්‍ය වියදම හා සන්සන්දනය කරන විට, 2021 වසර තුළ වෙන් කර ඇති ප්‍රතිපාදන දෙගුණයකට වඩා වැඩි වී ඇත. 

මහාමාර්ග සංවර්ධනය සඳහා රජය 2021 වසරේදී රු.බිලියන 238 ක් වෙන් කර ඇති අතර ඉන් රු.බි. 113 ක්  ප්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ගවලට ප්‍රවේශ වීම සඳහා කිලෝමීටර් 100,000 ක විකල්ප මාර්ග සංවර්ධනය සඳහාත්; රු.බි 42.1 ක් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහාත්; රු.බි.6.7 ක් පේරාදෙණිය - චෙන්කලඩි මාර්ගය බදුල්ල සිට චෙන්කලඩි දක්වා ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් වෙන් වී ඇත. මහා මාර්ග සංවර්ධනය යටතේ වන වෙනත් ප්‍රධාන ව්‍යාපෘතිවල විස්තර පහත පරිදි වේ:  

අධිවේගී මාර්ග සංවර්ධනය සඳහා රජය 2021 වසරේදී රු.බි. 68.7 ක් වෙන් කර තිබූ අතර ඉන් රු.බි. 34.8 ක් මධ්‍යම අධිවේගී මාර්ගය සඳහාත්; රු.බි. 19.9 ක් කුළුණු මතින් ඉදිවුණු වරාය පිවිසුම් මාර්ගය සඳහාත්; රු.බි. 14.1 ක් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මතින් ඉදිවුණු මාර්ගය සඳහාත් වෙන් කර ඇත. මීට අමතරව, රජය විසින් කොළඹ - රත්නපුර - පැල්මඩුල්ල අධිවේගී මාර්ගය සඳහා රු.මි 40 ක් වෙන් කර ඇත. 

පාලම් සහ ගුවන් පාලම් සඳහා රජය විසින් රු.බි. 27.1 ක් වෙන් කර ඇති අතර ඉන් රු.15.5 ක් නව කැළණි පාලම ඉදි කිරීම සඳහාත්; රු.බි. 4.4 ක් කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් සැලසුම් කිරීම සහ ඉදි කිරීම සඳහාත්; රු.බි. 3.2 ක් උත්තරානන්ද මාවත සහ කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසළ දුම්රිය මාර්ග මතින් ගුවන් පාලම් ඉදි කිරීම සඳහාත් වෙන් කර ඇත. පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීම් යටතේ වන වෙනත් ප්‍රධාන ව්‍යාපෘතිවල විස්තර පහත පරිදි වේ:  

එක් එක් ප්‍රතිපත්ති; වෙන් කිරීම් විස්තර; සහ වසර අතර සන්සන්දනය සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගැනීමට අපගේ අයවැය පිළිබඳ පොදු වාර්තාව 2021: වියදම් වෙන් කිරීම සහ බදුකරණ ප්‍රතිපත්ති රජයේ ප්‍රතිපත්තියට අනුකූල වන්නේද යන්න ඇගයීම බලන්න 

2021-05-28
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න