මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
අපේක්ෂිත ආදායමට වඩා 14%ක් අඩු ආදායමක් ලැබෙණු ඇති බව වෙරිටේ රිසර්ච් ‘The State of the Budget Report 2024’ වාර්තාවේ තක්සේරුව යි
පසුගියදා නිකුත් කරන ලද ‘The State of the Budget Report 2024’ වාර්තාවෙන් 2024 වසරේ දී, අඛණ්ඩව 33 වෙනි වතාවටත් රටේ සත්‍ය ආදායම, අයවැයෙන් අපේක්ෂිත ආදායමට වඩා වඩා අඩු වනු ඇතැයි අනාවැකි පළකර තිබේ. The State of the Budget යනු වාර්ෂිකව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සම්පාදනය කරනු ලබන වාර්තාවකි. එම වාර්තාව ආර්ථිකය සම්බන්ධ විශ්ලේෂණාත්මක කරුණු ප්‍රකාශයට පත්කිරීමහි ලා දිවයිනේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk වෙබ් අඩවියෙ හි, මහජනතාවගේ පරිශීලනය පිණිස පළ කෙරේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැයෙහි රාජ්‍ය මූල්‍ය, මූදල් සහ ආර්ථික ඇස්තමේන්තු පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් සහ තක්සේරුවක් මෙම වාර්තාවෙන් සපයයි. රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරකසභාව (COPF) එහි කාර්යභාරයට අදාළව ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂිත අයවැය වාර්තාවක අන්තර්ගතය මෙම වාර්තාවෙන් පිළිබිඹු කෙරේ. වාර්තාවේ අරමුණ වන්නේ ද, කාරකසභාව ප්‍රකාශයට පත්කරන වාර්තාව හා සමව, අයවැයට අදාළව සමාජය සහ පාර්ලිමේන්තුව සිදුකරන මැදිහත්වීම් - කරුණු නිසි පරිදි දැන, දැනුවත්ව සිදුකරන මැදිහත්වීම් බවට පත්කිරීම සඳහා උපකාර කිරීම වේ. ආණ්ඩුව සිදුකරන සහ අනෙක් පසට පාර්ලිමේන්තුව අනුමත කරන අයවැය පුරෝකථනවලට වඩා නිරවද්‍ය අයවැය ඉලක්කයන් The State of the Budget වාර්තාවෙන් නැවත නැවතත් ඉදිරිපත් කර ඇත. එනිසාම එය, වෘත්තිමය මට්ටමින් සිදුකෙරෙන ආර්ථික විශ්ලේෂණයන්ට මෙන්ම රට වෙනුවෙන් ගන්නා තීරණවලටත් අමතරව අදාළ කරගත හැකි වැදගත් අධ්‍යන වාර්තාවකි. අධි තක්සේරු කරන ලද බදු ආදායම ශ්‍රී ලංකාව 1991 වසරේ සිට අයවැයක් මගින් නියම කර ඇති ආදායම් ඉලක්කයක් සපුරා නැත. 2023 අයවැයෙන් අපේක්ෂා කළ ඉලක්කයට වඩා 13%කින් එම වසරේ බදු ආදායම පහත වැටී ඇති බව ක්‍රම සහ විධි පිළිබද පාර්ලිමේන්තු කමිටුව මැතක දී, වාර්තා කළේ ය. 2024 වසර සදහා ආණ්ඩුව රුපියල් බිලියන 4,164ක ආදායමක් අපේක්ෂා කරයි. එය, 2023 වසරේ ආණ්ඩුවම සිදුකළ පුරෝකථනයට වඩා 42%ක වැඩිවීමකි. එසේවුවත්, The State of the Budget වාර්තාව පෙන්වා දෙන්නේ 2024 වසර සඳහා ආදායම ලෙස උපයාගත හැක්කේ රුපියල් බිලියන 3,570ක් බවයි. එය ආණ්ඩුවේ පුරෝකථනයට වඩා 14%කින් අඩුය. ඇස්තමේන්තුගත හිඟයෙන් 61% ක් එකතු කළ අගය මත බදු (VAT) ආදායම අධිතක්සේරු කිරීම නිසා බවත් ඉතිරි 39% සමාගම් ආදායම් බදු, පුද්ගලික ආදායම් බදු, සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) සහ රේගු ආනයන බද්දෙන් ලැබෙන ආදායම අධිතක්සේරු කිරීම නිසා බවත් වාර්තාව හඳුනාගෙන ඇත. පොලිය සහ ආදායම අතර අනුපාතය ලෝකයේ වැඩිම පොලී පිරිවැය-ආදායම් අනුපාතය, ශ්‍රී ලංකාව සතු වන අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාරභාවය සඳහා මෙම අනුපාතය අඩු කිරීම ඉතා වැදගත් වේ. 2024 අයවැයෙන් මෙම අනුපාතය 64%ක් දක්වා පහත දමා ගැනීමට අපේක්ෂා කරයි. නමුත්, වාර්තාවෙන් සිදුකර තිබෙණ අයවැය ආදායම් පුරෝකථනයන් හා පොලී ගෙවීම් සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ගණනය කිරීම එක්ව ගත්විට මෙම අනුපාතය 70% ඉක්මවා යනු ඇති බව පෙනේ. ගෙවුණු වසර කිහිපයේ ද, තත්ත්වය එවැනි විය. කරුණු එසේ නම්, ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ද, අනුමැතිය ලබාගෙන ඇති සැළසුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇත. එම සැළසුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීම, ණය තිරසරභාවය සැළකීමේ දී, තීරණාත්මක බව ආර්ථික විශේෂඥයින්ගේ මතය යි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
අධ්‍යාපනය
අධ්‍යාපනය
අධ්‍යාපන ක්ෂේත්රය සඳහා කරන ලද රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
අධ්‍යාපනය සඳහා රජය විසින් අඩුම මුදලක් වැය කරනු ලබන දකුණු ආසියාවේ රට ශ්‍රී ලංකාවයි
2022 දී, ශ්‍රී ලංකාවේ රජය විසින් – පළාත් සහ මධ්‍යම රජයන් යන දෙඅංශයම – ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම් ද ඇතුළුව අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණක් වන මුදලකි. මේ අනු...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Accountability crucial for growth and governance i...
Dr. Devarajan asserts that economic reforms and improved governance are imperative for the nation's progress, with both objectives hinging on the principle of accountability.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily News
Financial literacy vital to save consumers from ab...
Dr. Nandalal Weerasinghe stressed the critical role of financial literacy in empowering consumers to protect themselves from financial frauds and abuses, particularly in the face of growi...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
economynext
Sri Lanka to address teachers’ salary anomalies in...
Sri Lanka’s government is not in a position to provide “instant solutions” to the issue of teachers’ salary anomalies and instead hopes to present proposals that cover the gamut of the public service in the upcoming b...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: අධ්‍යාපනය
අධ්‍යාපනය සඳහා අඩුම රාජ්‍ය වියදමක් ඇති ර...
2022 දී ශ්‍රී ලංකාවේ රජය –මධ්&z...
අධ්‍යාපනය සඳහා රජය විසින් අඩුම මුදලක් වැ...
2022 දී, ශ්‍රී ලංකාවේ රජය විසින...
අධ්‍යාපන අංශයේ වියදම් : කලාපීය සංසන්දනය
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්...
අධ්‍යාපන අංශයේ වියදම (2010 – 2019)
අධ්‍යාපන අංශයට අදාළව ලබා දුන් ප්‍රතිපත්ත...
ජාතික ප්‍රත...
Budget 2021: Education
The 2021 Budget Debate for the Ministry of Education is happening toda...
ඔසඑකැථ අධ්‍යාපන අශයට අදාළව රජය විසින් සි...
ෘැිජරසචඑසදබථ අධ්‍යාපන අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති 1500 ...
වීශේෂාංග
අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතය- අයවැය 2023
ශ්‍රී ලංකා අයවැය 2023 වර්ෂයට සාපේක්ෂව නාමික දළ දේශීය නිෂ්පාදිතයේ 27% ක වැඩිවීමක් අපේක්ෂා කරන අතර එය රුපියල් බිලියන 6,519 ක වැඩිවීමකි. සංශෝධිත 2022 ඇස්තමේන්තු වලින්.
වැඩිදුර කියවන්න
Maldives’ reserves continue to dip
The external reserves of the Maldives have been on a declining trend since June 2020. At that time, the gross reserves held by the Maldives Monetary Authority amounted to USD 702.5 million , sufficient to finance
වැඩිදුර කියවන්න
2025 Vote on Account’s revenue gains may fall shor...
On 6 December, Parliament approved the 2025 Vote on Account, allocating funds for the first four months of the year. To understand what a Vote on Account entails, read our blog
වැඩිදුර කියවන්න