රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාවේ සමාගම් බදු වෙනත් රටවල් සමඟ සැසඳෙන්නේ කෙසේද?

අවම ගෝලීය සමාගම් බදු අනුපාතය 15% ක් ලෙස ස්ථාපිත කිරීම සඳහා ජී 7 රටවල් විසින් මෑතකදී කරන ලද යෝජනාවකට රටවල් 130 ක විශාල සහයෝගයක් ලැබී ඇත. කෙසේ වෙතත්, මෙම යෝජනාවට එකඟ නොවූ රටවල් නවයෙන් එකක් වන්නේ ශ්‍රීලංකාවයි.

මෙම යෝජනාව හඳුන්වාදීමේ ප්‍රධාන අභිප්‍රාය වනුයේ බහුජාතික සමාගම් අඩු බදු අනුපාතයක් ඇති රටවල සිය ලාභය දැක්වීමට කටයුතු කිරීම හරහා බදු මග හැරීම සීමා කිරීමයි. මෙය වළකා ගැනීමට සහ, සමාගම් කොතැනක සිටියත් ඔවුන් සාධාරණ ලෙසබදු ගෙවීම සහතික කිරීම සඳහාත් අවම ගෝලීය සමාගම් බදු අනුපාතයක් හඳුන්වා දීම මෙම ඉලක්කය සපුරා ගැනීමේ පියවරක්ලෙස සැලකේ.

ශ්‍රී ලංකාව දැනට සමාගම් සඳහා 24% ක සම්මත සමාගම් බදු අනුපාතයක් අය කරයි. කෙසේ වෙතත්, තෝරාගත් අංශවලසමාගම්වලට සහනදායී ආයතනික ආදායම් බදු අනුපාත ද සපයයි; නිෂ්පාදනයට 18% ක බදු අය කරන අතර සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර, අපනයන භාණ්ඩ, සංචාරක, ඉදිකිරීම්, කෘෂි සැකසුම්, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන සේවා සඳහා 14% ක බදුඅය කෙරේ. කෘෂිකාර්මික, ධීවර, පශු සම්පත්, තොරතුරු තාක්ෂණ සහ සක්‍රීය සේවා ආයතනික ආදායම් බදු ගෙවීමෙන්සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇත. මත්පැන්, දුම්කොළ, ඔට්ටු ඇල්ලීම සහ සූදු වැනි අංශවල නියැලී සිටින සමාගම් සඳහා ශ්‍රීලංකාව 40% ක ඉහළ ආදායම් බදු අනුපාතයක් අය කරයි.

ශ්‍රී ලංකාවේ සම්මත ආයතනික බදු අනුපාතය 2021 දී 23% ක් වූ ගෝලීය සාමාන්‍ය බදු අනුපාතයට සමානය. ශ්‍රී ලංකාවට සම ආදායම් කාණ්ඩයේ සිටින රටවල් මීට වැඩි ආයතනික ආදායම් බදු අනුපාතයක් අය කරති. 30% ට වඩා බදු අය කරන ඉන්දියාව,බංග්ලාදේශය සහ පිලිපීනය වැනි ආසියානු රටවල් අතර මෙය විශේෂයෙන් දක්නට ලැබේ.

මෙය විවිධ රටවල් විසින් අය කරනු ලබන බදු අනුපාතයන්ගේ ගෝලීය සංසන්දනයකි.

ආයතනික බදු වලින් ශ්‍රී ලංකාව එකතු කරන ආදායම 2020 දී මුළු බදු ආදායමෙන් 15% කි. ශ්‍රී ලංකාවට සම ආදායම් කාණ්ඩයේ සිටින රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව එකතු කරන ආයතනික බදු ප්‍රතිශතය බෙහෙවින් අඩු ය.

මූලාශ්

  1. තෝමස්, එල්. (රොය්ටර්ස්), '130 කන්ට්‍රීස් බැක් ග්ලෝබල් මිනිමම් කෝර්පරේට් ටැක්ස් ඔෆ් 15%'/ ‘15% ක අවම ගෝලීය ආයතනික බද්ද සඳහා රටවල් 130ක් පිටුබලය දෙයි’ [‘130 countries back global minimum corporate tax of 15%’], 2020 ජූලි 02, https://www.reuters.com/business/countries-backs-global-minimum-corporate-tax-least-15-2021-07-01/   , [අවසන් පිවිසුම 14 ජූලි 2021].
  2. මුදල් අමාත්‍යාංශය, ‘ෆිස්කල් මැනේජ්මන්ට් රිපොර්ට් 2021’/ ‘2021 මූල්‍ය කළමනාකරණ වාර්තාව’ [‘Fiscal Management Report 2021’], 8 වන පිටුව, 2020 නොවැම්බර් 7, https://www.treasury.gov.lk/documents/budget/2021/FMRP-Report-2020-21-(English).pdf ,[අවසන් පිවිසුම 14 ජූලි 2021].
  3. කේ.පී.එම්.ජී, 'කෝර්පරේට් ටැක්ස් ටේබල්ස් 2021'/ '2021 ආයතනික බදු වගුව' [‘Corporate Tax Tables 2021’], 2020 දෙසැම්බර් 09, https://home.kpmg/xx/en/home/services/tax/tax-tools-and-resources/tax-rates-online/corporate-tax-rates-table.html , [අවසන් පිවිසුම 14 ජූලි 2021].
  4. බදු පදනම, 'කෝර්පරේට් ටැක්ස් රේට්ස් අරවුන්ඩ් ද වර්ල්ඩ්'/ ‘ලොව පුරා ආයතනික බදු අනුපාත’[‘Corporate Tax Rates Around The World’], 2021 ජනවාරි 22, https://taxfoundation.org/publications/corporate-tax-rates-around-the-world/, [අවසන් පිවිසුම 14 ජූලි 2021].
  5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ‘ගවර්න්මන්ට් ෆය්නෑන්ස් ස්ටැටිස්ටික්ස්, ඩීටේල්ඩ් රෙවනියු බ්‍රේක්ඩවුන්'/ 'රජයේ මූල්‍ය සංඛ්‍යාලේඛන, සවිස්තරාත්මක ආදායම් වර්ගීකරණය' [‘Government Finance Statistics, Detailed Revenue Breakdown’], 2021 ජූලි 7, https://data.imf.org/regular.aspx?key=60991467 , [අවසන් පිවිසුම 14 ජූලි 2021].
2021-07-14
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න