රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන ක්ෂේත්‍රය, ඇමරිකාවේ නව තීරු බදු ක්‍රමය නිසා 20% කින් පහත වැටීමේ අවධානමක !

අප්‍රේල් 02 වන දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව එරටට අපනයනය කරන භාණ්ඩ මත අමතර සියයට 44 ක තීරු බදු පැනවීය. මෙම අපනයනවලින් සියයට 64 ක් ඇඟලුම් කර්මාන්තය හරහා සිදු කෙරෙන අතර - 2023 දී එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 කට ආසන්න වුණි. මෙම අමතර බදු නිසාවෙන් වැඩිම බලපෑමක් එල්ල වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ය.

ඇමරිකා එක්සත් ජනපදයට අපනයන සිදු කරන සියලුම අපනයනකරුවන් මත මෙසේ පනවන ලද මෙම තීරුබදු (Reciprocal Tariff) ඇඟලුම් සඳහා සමස්ත ඇමරිකා එක්සත් ජනපදයේ පවතින ඉල්ලුමේ පහත වැටීමට හේතු විය හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලෝක බැංකුවේ SMART ආංශික සමතුලිතතා ආකෘතිය භාවිතයෙන් සිදු කරන ලද මෙම විශ්ලේෂණයෙන් හෙළි වන්නේ, ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදයට කරන ඇඟලුම් අපනයනය ආසන්න වශයෙන් සියයට 20 කින් (ඇමරිකානු ඩොලර් මිලියන 300 කට වඩා) පහත වැටිය හැකි බවයි.  එක්සත් ජනපද රජය විසින් ඇඟලුම් සඳහා ආනයන තීරුබදු 36% දක්වා වැඩි කළහොත් (බර තැබූ සාමාන්‍යය), එවැනි වැඩිවීමක් එක්සත් ජනපද පාරිභෝගිකයින්ට සහ ශ්‍රී ලංකාව වැනි අපනයනකරුවන්ට බලපාන්නේ කෙසේදැයි පුරෝකථනය කිරීම මෙම ආකෘතිය මගින් සිදු කරන ලදී.

සටහන

මේවා මූලික ඇස්තමේන්තු වන අතර සැබෑ ප්‍රතිඵල වෙනත් සාධක ගණනාවක් මත රඳා පවතිනු ඇත. විශේෂයෙන්ම, බංග්ලාදේශය (සියයට 37) සහ ඉන්දියාව (සියයට 26) වැනි ප්‍රධාන තරඟකරුවන් මත පනවා ඇති තීරු බදු වලට සාපේක්ෂව, ශ්‍රී ලංකාව මත පනවා ඇති සියයට 44 ක තීරු බදු කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක පවතින බැවින්, ශ්‍රී ලංකා ඇඟලුම් ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය තවදුරටත් පහත වැටීමකට මුහුණ දිය හැක.

මූලාශ්‍රය
ලෝක බැංකු ගෝලීය ඒකාබද්ධ වෙළඳ විසඳුම (WITS)

පර්යේෂණය: මතීශ අරංගල සහ අනුෂන් කපිලන්
දත්ත නිරූපණය: මුආද් හිමාස්
2025-04-03
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න