රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ජූලි මාසයේ ඉන්ධන මිල සූත්‍රය- පෙට්‍රල් සහ ඩීසල් මිල

ජූලි මාසය සඳහා වන මාසික ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව, ඉන්ධන මිල සූත්‍රයේ දැක්වෙන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල්වල වෙළඳපල මිල ඉන්ධන මිල සූත්‍රයට වඩා රුපියල් 16.67 කින් සහ ඔටෝ ඩීසල්වල වෙළඳපල මිල ඉන්ධන මිල සූත්‍රයට වඩා රුපියල් 21.68 ක් ඉහළ ගොස් ඇති බව ඉන්ධන මිල ට්‍රැකරය පෙන්වා දෙයි.  

ඔටෝ ඩීසල් සඳහා, ජූනි මාසයට සාපේක්ෂව ලෝක වෙළඳපලේ මිල වෙනස්වීම්වලට ගැලපෙන සූත්‍ර මිල ජූලි මාසයේදී රුපියල් 5 කින් අඩු කර ඇති අතර දේශීය වෙළඳපල මිල ලීටරයක රුපියල් 317 ක් ලෙස නොවෙනස්ව පවතී.  

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක සූත්‍ර මිල ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී රුපියල් 3 කින් අඩු වී ඇති අතර එම කාලය තුළ වෙළෙඳපොළ මිල රුපියල් 11 කින් පහත වැටී එය රුපියල් 344 ක් විය.   

මීට අමතරව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සඳහා රුපියල් 134 ක් සහ ඩීසල් සඳහා රුපියල් 99 ක බදු මුදලක් ද රජය විසින් අය කරනු ලබයි. මෙම බදු හැරුණු විට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් විකිණීමේ වියදම රුපියල් 194 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා ශ්‍රී ලංකානු රුපියල් 196 ක් වැය වේ.  

  

2024-07-03
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න