රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2023 රජයේ වියදම් ඉහළ යාම පොලී ගෙවීම් වැඩිවීම් සමඟ ගැලපේ

2023 දී රජයේ වියදම් 20% කින් ඉහළ ගොස් ඇති අතර එය 2022 දී රුපියල් බිලියන 4,473 ට සාපේක්ෂව රුපියල් බිලියන 5,357 දක්වා ඉහළ ගොස් ඇත. මෙම රුපියල් බිලියන 884 ක වැඩිවීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ පොලී ගෙවීම් රුපියල් බිලියන 890 කින් ඉහළ යාමයි. ඊට පරිබාහිරව, අනෙකුත් සියලුම කාණ්ඩ සඳහා වන වියදම්  රු බිලියන 6 කින් අඩු වී ඇත.  

විශේෂයෙන්ම ප්‍රාග්ධන සංක්‍රාම රුපියල් බිලියන 198 කින් ද, සංක්‍රාම ගෙවීම් රුපියල් බිලියන 190 කින් ද, භාණ්ඩ හා සේවා අනෙකුත් මිලදී ගැනීම් රුපියල් බිලියන 117 කින් ද ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, වැටුප් හා වේතන රුපියල් බිලියන 17 කින් අඩු වී ඇති අතර ශුද්ධ ණය ලබාදීම රුපියල් බිලියන 494 කින් පහත වැටී ඇත. 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුව. වාර්ෂික ආර්ථික සමාලෝචනය 2023 (2023) https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-economic-review/annual-economic-review-2023  [අවසන් ප්‍රෙව්ශය 2024 මැයි 27]. 

 

2024-06-26
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න