රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2023 අයවැය කාර්ය සාධනය: වියදම් සීමාව රුපියල් බිලියන 104 කින් ඉක්මවා ඇත

2024 මැයි මස 31 වන දින නිකුත් කරන ලද මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ 2023 වසරේදී ශ්‍රී ලංකා රජය සිය සමස්ත වියදම රුපියල් බිලියන 104 කින් ඉක්මවා ඇති බවයි.  2023 දී රජයේ සංශෝධිත ඇස්තමේන්තුව මත පදනම්ව අයවැය ගත කරන ලද සමස්ත වියදම රුපියල් බිලියන 5,253 ක් විය. කෙසේ වෙතත්, රජය 2023 දී රුපියල් බිලියන 5,357 ක් වියදම් කර ඇති අතර එය අයවැයට වඩා 2% ක වැඩිවීමකි.

රාජ්‍ය වියදම් ඉහල යාමට මූලිකම හේතුව වනුයේ, 2023 වර්ශයේ පොලී ගෙවීම් සඳහා වන වියදම ඇස්තමේන්තුගත අගයට වඩා 12%කින් එනම් රුපියල් බිලියන 263කින් ඉහල යාමයි. රාජ්‍ය ආයෝජන රුපියල් බිලියන 106 කින් ද, භාණ්ඩ හා සේවා සඳහා වන වියදම් රුපියල් බිලියන 52 කින් ද ඉහළ ගොස් ඇත. ඊට අමතරව, සහනාධාර සහ පැවරුම් රුපියල් බිලියන 39 කින් අඩු වී ඇති අතර වැටුප් හා වේතන රුපියල් බිලියන 47 කින් පහත වැටී ඇත.

වගු අංක 1: 2023 වර්ෂය සඳහා සංශෝධිත ඇස්තමේන්තු සහ සැබෑ වියදම් සංසන්දනය කිරීම

වියදම්

2023 සංශෝධිත ඇස්තමේන්තුව

2023 සැබෑ වියදම්

 

අපගමනය

(රුපියල් බිලියන)

අපගමනය

(%)

පුනරාවර්තන වියදම්

4,471

4,700

229

5%

වැටුප් හා වේතන

986

940

(47)

-5%

භාණ්ඩ හා සේවා

248

300

52

21%

පොළිය

2,193

2,456

263

12%

සහනාධාර සහ පැවරුම්

1,044

1,005

(39)

-4%

ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණය

782

657

(125)

-16%

රාජ්‍ය ආයෝජන

827

933

106

13%

වෙනත්

(45)

(276)

(231)

513%

සමස්ත වියදම

5,253

5,357

104

2%

සටහන: අයවැය ඇස්තමේන්තුවේ වියදම් වර්ගීකරණයන් මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට වඩා වෙනස් වේ. එබැවින්, මුල් අනුමත අයවැය ඇස්තමේන්තු වෙනුවට මෙම විශ්ලේෂණය සඳහා 2023 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 5.6 වගුවෙහි සංශෝධිත ඇස්තමේන්තු භාවිතා කරන ලදී.  වෙනත් යන්නට ප්‍රධාන වශයෙන් “ශුද්ධ ණය දීම්” ඇතුළත් වේ.

මූලාශ්‍රය:

මුදල් අමාත්‍යාංශයේ අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) 2023 https://www.treasury.gov.lk/api/file/ad12f7fa-d2db-43d4-9daa-9270ee7b7cac දී [අවසන්වරට ප්‍රවේශය වූයේ 2024 අගෝස්තු 8].

2024-08-14
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න