රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මාතෘකාව - ණය අර්බුදයෙන් මිදීම: 2022 අයවැය සඳහා වට්ටෝරු

 

වෙරිටේ රිසර්ච් විසින් පවත්වන ලද “ණය අර්බුදයෙන් මිදීම: අයවැය 2022 සඳහා වට්ටෝරුව” වෙබ් සම්මන්ත්‍රණය මඟින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම වෙත අවධානය යොමු කෙරුණි. මෙම සාකච්ඡාව තුළින් ණය කළමනාකරණය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ පර්යේෂණ සහ විශ්ලේෂණ ඉදිරිපත් කෙරුණු අතර 2022 අයවැය සාර්ව ආර්ථික ස්ථායීකරණය සඳහා ප්‍රථම පියවරක් බවට පත් කිරීම සඳහා එය සකස් කිරීම පිළිබඳව දැනුම් දිය හැකි නිශ්චිත අදහස් සහ මාර්ගෝපදේශ ද මෙමඟින් සපයන ලදී. 

කථිකයන් 

  • නිශාන් ද මෙල්, විධායක අධ්‍යක්ෂ, වෙරිටේ රිසර්ච් 

  • දේශාල් ද මෙල්, පර්යේෂණ අධ්‍යක්ෂ, වෙරිටේ රිසර්ච් 

  • අනුෂන් කපිලන්, විශ්ලේෂක, වෙරිටේ රිසර්ච්

 

විද්වත් මණ්ඩලයේ සාමාජියකින් 

  • නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති  
  • ශාන්ත දේවරාජන්, ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පරිචය පිළිබඳ මහාචාර්ය 
  • මික් මුවර්, මහාචාර්ය, සංවර්ධන අධ්‍යයන ආයතනය, එක්සත් රාජධානිය 
2021-10-22
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න