රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2019 හා සැසදීමේදී 2021 ශ්‍රී ලංකාවේ ආනයන අගය 4% කින් වැඩි වී ඇත

2019 සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ ආනයන 4% (ඇමරිකානු ඩොලර් මිලියන 700) කින් වැඩිවී ඇත. මේ සදහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බෙහෙත් හා ඖශධිය නිෂ්පාදිත 60% (ඇමරිකානු ඩොලර් මිලියන 330) න්  වැඩි වීමයි. කෙසේ වෙතත් පෞද්ගලික වාහන ආනයනය 98% (ඇමරිකානු ඩොලර් 803) කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

ඉහත වර්ධනය, ආනයන ඒකක මිල ඉහළ යාමක් හෝ ආනයන පරිමාවේ වැඩි වීමක් නිසා ඇති විය හැක. 2021 සහ 2019 සඳහා වෙළඳ පරිමා දර්ශකයේ වෙනස්වීම නිරීක්ෂණය කිරීමෙන්, 2019 (164) හි මාසික පරිමාව  2021 (159)  සාමාන්‍ය පරිමාවට වඩා වැඩි බව අපට දැකගත හැකිය. එයින් පැහැදිලි වන්නේ 2019ට සාපේක්ෂව 2021 දී ශ්‍රී ලංකාව අඩුවෙන් ආනයනය කර ඇති බවත් ආනයන්හි අගය වැඩිවීම ප්‍රධාන වශයෙන්, මාසික ඒකක අගය 2019 වසරේදී  91 සිට 2021දී 95 දක්වා වැඩිවීම මගින් පෙන්වන ආනයන මිල ඉහල යාම නිසා සිදු වූ බවයි.

2022-03-03
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න