රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ෆිච් (Fitch) ආයතනය විසින් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහත හෙළා ඇත (දෙසැම්බර් 2015 - දෙසැම්බර් 2021)

2015 දෙසැම්බර් සිට 2021 දෙසැම්බර් දක්වා වසර 6ක කාලය තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව 5 වතාවක් පහත හෙළා ඇත.ශ්‍රී ලංකාවට සාපේක්ෂව කලාපීය අනෙකුත් රටවල් සිය ශ්‍රේණිගත කිරීම් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සමත් වී ඇත.

 ශ්‍රී ලංකාව පහත දැමීමට හේතු වූ ප්‍රධාන කරුණු 5 වන්නේ  

ආනයන ආවරණයේ මාස අනුව ගත් කළ  ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට ගත හැකි සංචිත 2015 අවසානය වන විට ආනයනික මාස 4 සිට 2021 අවසානය වන විට ආනයන මාස 1 දක්වා ක්‍රමයෙන් පහත වැටී තිබේ.  ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවන බවට තහවුරු කර සිටියදීත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට මෙම සංචිත පහත වැටීම ප්‍රධාන හේතුවකි.

ආනයන මාස අනුව ගත් කල 2021 සඳහා දළ නිල සංචිත මාස 0.95 ක් වන අතර 2020 සඳහා මාස 4.25 කි. 1975 සිට සංචිත අගයන් සැලකීමේදී, සංචිත ආනයන මාස 1කට වඩා අඩු වූ ප්‍රථම අවස්ථාව 2021 බව සඳහන් කිරීම වැදගත්ය. 

2022-01-26
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න