රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකා වරාය අධිකාරිය - ලාභ ලබන රජය සතු සංස්ථාවකි

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2015 වසරේ සිට මෙහෙයුම් ලාභයක් ලබා ඇත.

2020 දී සිදු වූ සුළු අඩුවීමක් සමග, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායම 2015 සිට 2019 දක්වා අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, 2016 වසරේ සිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ශුද්ධලාභයක් ලබා ගැනීමට සමත් විය.

ශුද්ධ ලාභයේ වෙනස්වීම් සඳහා ප්‍රධාන හේතුව වන්නේ විදේශ විනිමය අනුපාතයේ වෙනස්කම් නිසා ලැබුණු අලාභය/ලාභය යි. 

මෙය විනිමය සංචලනය සහ විදේශ ණය කොටස හරහා ශුද්ධ ලාභයට බලපායි. විදේශ විනිමය අලාභය හා ලාභයේ බලපෑම වසර ගණනාව පුරාම අඩුවී ඇති අතර 2018 වසරේ දී පමණක් එහි වෙනසක් සිදුව ඇත.

 මෙහිදී ඉස්මතු කළ යුතු වැදගත් කරුණක් වන්නේ හම්බන්තොට වරාය සම්බන්ධව චයිනා මර්චන්ට් පෝට් සමග අත්සන් කළ සහන ගිවිසුම සමග, වරාය සංවර්ධනය සඳහා ලබාගත් ණය සහ එම ණය නැවත ගෙවීම, 2017 ජූලි 25 දින ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මහා භාණ්ඩාගරය වෙත මාරු කිරීමයි. එබැවින්,මෙය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූල්‍ය කටයුතු කෙරෙහි හිතකර බලපෑමක් ඇති කිරීමට. හේතුවන්නට ඇති බවක් පෙනෙන්නට තිබේ. 

2022-05-02
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න