රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධමනය සහිත රටයි

මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා වූ ඉහළම අගයයි. දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් සමග සන්සන්දනය කිරීමේදී, ශ්‍රී ලංකාව 2022 පෙබරවාරි මාසයේදී ඉහළතම උද්ධමන අනුපාතය වාර්තා කර ඇත. 

උද්ධමනය පුළුල් පරාසයක් මත පදනම් වන අතර, අනෙක් අංශයන්ට වඩා ආහාරවල මිල ගණන් වඩා වේගයෙන් ඉහළ ගොස් ඇත. 2022 පෙබරවාරි මාසයේදී ආහාර මිල උද්ධමනය 25.7% ක් විය. ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ආහාර උද්ධමනය සහ සමස්ත උද්ධමනය 2022 මාර්තු මස වන විට පිළිවෙළින් 30.2% සහ 18.7% දක්වා ඉහළ ගොස් තිබිණි. 

2022-04-26
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න