රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
කැසිනෝ සමාගම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොපමණ මුදලක් ගෙවිය යුතුද?

2015 වසරේදී  රජය විසින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කැසිනෝ 4 ක් සඳහා, බිලියන 1 බැගින් වූ එක් වරක් ගෙවන කැසිනෝ කර්මාන්ත බද්දක් පැනවීය. 

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සමාගම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසරකට  රුපියල් බිලියන 4ක් ණය විය. කෙසේ වෙතත්, 2015 අවසන් වන විට මෙම ව්‍යාපාරවලින් එකතු කර ගෙන තිබුණේ රුපියල් මිලියන 80ක් පමණි. 

2016 දී විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් හෙළි වූයේ මෙම ආයතනවලින් මේ දක්වා එකතු කර ඇත්තේ රුපියල් මිලියන 400 ක් පමණක් බවත්, 

ඉතිරි රුපියල් බිලියන 3.6 ආපසු අය කර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, මෙය ‘හිඟ බදු ලෙස සටහන් කර නොමැති බවත්ය. 

එලෙසම 2017 දී විගණකාධිපතිවරයාගේ වාර්තාවේද සටහන් කර තිබුනේද , වසර අවසානය වන විට එකතු වී ඇත්තේ රුපියල් මිලියන 785 ක සමුච්චිත එකතුවක් පමණක් බවයි. 

ඉතිරි රුපියල් මිලියන 3,215 තවමත් හිඟ බදු ලෙස වාර්තා කර නොතිබුණි. . 

මින් 2018 වර්ෂයේදී එකතු කර තිබුණේ රුපියල් මිලියන 1,025 ක් පමණි. සමාලෝචිත වර්ෂයේදී අයකරගත යුතු තවත් රුපියල් 2,975ක් බදු පහර හැරීම්  ලෙස වාර්තා කර නොතිබුණි. 

2019 වසර වන විටත් අය කර තිබුණේ රුපියල් මිලියන 1,330 කි. තවත් රුපියල් මිලියන 2,670ක් අයකර ගෙන නොතිබිණ. 

වසර 2 කට පසුවද  එනම් 2021 දී පවා, බදු එකතු කිරීමේ මන්දගාමී ප්‍රගතිය ඉස්මතු කරමින්  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

 හෙළිදරව් කළේ කැසිනෝ ව්‍යාපාර තවමත් ඔවුන්ට හිඟ බදු වශයෙන් රුපියල් බිලියන 2.67 ක් ගෙවීමට ඇති බව ය.  

2021-10-07
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න