රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2023 අයවැයේ අනාවරණ

2023 වසර සහා වන විසර්ජන පණත් කෙටුම්පත (අයවැය) ගෙවුණු ඔක්තෝබර් මස 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එසේ කෙරුණේ නොවැම්බර් මස සිදුවූ අයවැය කතාවට පෙරය.

2023 වසර සහා සැළසුම් කර ඇති වියදම්වල 26% ඉහළ යෑමක් විසර්ජන පණත් කෙටුම්පතෙන් පෙන්නුම් කරයි. ඒ අතර, 2023 වසර සහා ප්‍රාථමික ශේෂ ඉලක්කය 0.7%ක් ලෙස දැක්වේ. එම ඉලක්කය සපුරා ගනීමට නම් රජයේ ආදායම 68%කින් (ලක්ෂ්‍යය 3කින්) වර්ධනය කරගත යුතුව ඇත.

2023 වසර සහා වන මුළු වියදම්වලින් තුනෙන් එකක්ම වෙන්ව තිබෙන්නේ පොළී ගෙවීම්වලටය. එය 2022 වසරට සාපේක්ෂව 55%ක වර්ධනයකි.

 

2022-11-02
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න