රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය කාර්ය සාධනය

තම පුරවැසියන්ට අවම මට්ටමින් මූලික පානීය ජල සේවාවන් සැපයීමේදී ශ්‍රී ලංකාව පෙන්වා ඇති කාර්ය සාධනය පහත රූප සටහන මගින් දක්වා තිබේ. පෙන්වා ඇති පරිදි, අනෙකුත් දකුණු ආසියානු රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව මෙහිදී යහපත් කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබේ.

ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, මූලික වශයෙන්ම දළ ලාභ ආන්තිකයේ පහළ වැටීම සහ පරිපාලන පිරිවැයේ වැඩිවීම - විශේෂයෙන්ම කාර්ය මණ්ඩල පිරිවැය සහ ප්‍රාග්ධන ක්ෂය වීම- හේතුවෙන් 2018 සහ 2019 වසරවලදී අලාභයන්ට මුහුණ දුන්නේ ය. කෙසේ වෙතත්, 2020 වසරේදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දියුණු වූ ආදායම් කාර්ය සාධනයක් සමඟ ලාභදායිත්වය කරා ළඟා විය. ආදායම් නොලබන ජල සම්පාදනයේ ක්‍රමික අඩු වීම, ආදායම් කාර්යක්ෂමතාවේ සිදු වූ ඉහළ යාම හඟවයි.

2022-02-23
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න