රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
සිගරට් බදු වැඩි කිරීමෙන් රජයට ලැබෙන ප්‍රතිලාභය අයවැයෙහි පැහැදිලිව සඳහන් කර නැත

දුම්වැටි සඳහා බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජිතයි. මේ නිසා දුම්වැටියක මිල රුපියල් පහකින් (5) ඉහළ යනු ඇත.

තවද, අයවැය කතාවෙන් පසුව රජය දුම්වැටි සඳහා වන සුරාබදු වෙනස් කරන ලදී.

කෙසේ වෙතත්, යෝජිත දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ නැංවීමෙන් රජයට දුම්වැටියකින් ලැබෙන්නේ රුපියල් 2.47ක් බදුආදායමක් පමණි. ඉතිරි රුපියල් 2.53 ලංකා දුම්කොළ සංස්ථාව විසින් මිල වැඩිවීමෙන් උපයන ආදායම වේ.

2021-12-07
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න