රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රජයේ සැබෑ ණය වාර්තා කළ ණය වටිනාකමට වඩා වැඩිය

රාජ්‍ය / රජයේ ණය පිළිබඳ සාමාන්‍ය අවබෝධය දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මධ්‍යම රජයේ ණයයි. මේ පිළිබඳ දත්ත 1950 දශකය දක්වා දිව යයි. (https://publicfinance.lk/en/topics/Historical-Government-Debt,-1950-to-2021-1620831650)  

සේ වෙතත්, රජයේ සැබෑ වගකීමට රාජ්‍ය සංස්ථා ණය ද ඇතුළත් වන නිසා එය  මධ්‍යම රජයේ ණයවලට වඩා වැඩිය.. 2020 දී තවත් අංගයක් සලකා බැලිය තවත් අංගයක් වන්නේ යුතු අතර එය ආරම්භක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයවල ඉතිරිව ඇති මුහුණත වටිනාකම වේ. රාජ්‍ය සංස්ථා ණය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයවල මුහුණත වටිනාකම යන දෙකම ඇතුළත් කළ  විට කිරීම මගින් 2020 දී රජයේ සමස්ත වගකීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 112.4% දක්වා ඉහළ නංවයි.  

රාජ්‍ය සංස්ථාවල සමස්ත ණය

ණය ප්‍රමාණයන් රජයේ ශේෂ පත්‍රයේ සිට රජයේ සංස්ථාවල ශේෂ පත්‍රවලටත් රජයේ සංස්ථාවල ශේෂ පත්‍රවල සිට නැවත රජයේ ශේෂ පත්‍ර වෙතත් මාරු කර යැවීමේ අවස්ථා තිබී ඇති බැවින් රජයේ සංස්ථා දරන ණය ප්‍රමාණයද මුළු ණයට ඇතුළත් කර සැලකිල්ලට ගැනීම වැදගත් වේ. උදාහරණයක් ලෙස 2014 වර්ෂයේදී රජය විසින් මධ්‍යම රජයේ ණය ප්‍රමාණයෙන් කොටසක් රජයේ සංස්ථාවල ශේෂ පත්‍ර වෙත මාරු කර යවන ලදි. https://publicfinance.lk/en/topics/3-Problems-on-Debt-Numbers-1620490980 https://publicfinance.lk/en/topics/Navigating-Sri-Lanka's-Debt:-Better-reporting-can-help-–-a-case-study-on-China-debt-1622789438

මෙලෙස රජයේ ව්‍යවසායයන් විසින් දරනු ලබන මුළු ණය ප්‍රමාණය 2020 වර්ෂය සඳහා රු. බිලියන 1,309ක් නැත්නම් දළ දේශීය නිශ්පාදිතයෙන් 8.7% ක අගයක් ගනී. රජයේ සංස්ථා විසින් දරනු ලබන ණය ප්‍රමාණය මධ්‍යම රජයේ ණය ප්‍රමාණයට එකතු කිරීමත් සමගම රජයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිශ්පාදිතයට සාපේක්ෂව 109.7% ක් දක්වා වැඩි වේ.

රජයේ ස්වෛරීත්ව බැඳුම්කරවල හිඟ මුහුණත මත වටි නාකම

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන පරිදි 2020 වර්ෂය සඳහා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආකාරයෙන් පවතින ණයවල මුළු වටිනාකම රු. බිලියන 2,212 කි. දේශීය ණය ලෙස වාර්තා කර ඇති රු. බිලියන 416 ක ණය ප්‍රමාණයක්ද මීට ඇතුළත් වේ. එහෙත්, මෙම අගය වාර්තා කර ඇත්තේ පොත් අගය/වෙළඳපොළ වටිනාකම ඇසුරිනි. එනම්, වෙළඳපොළේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල මිල ගණන්වල සිදු වන වෙනස්වීම්වලට අනුව ණය ප්‍රමාණයේ වටිනාකම වෙනස්වන බව ඉන් අදහස් කෙරේ. ශ්‍රී ලංකාව ණය ශේණිගතකිරීම්වල දී පහත දැමීමේන් පසු 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල මිල සැලකිය යුතු ලෙස අඩු විය.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය වාර්තා කිරීම වෙළඳපොළ වටිනාකම යටතේ සිදු කර තිබුණද එම බැඳුම්කර කල් පිරීමේදී රජය විසින් ආපසු ගෙවනු ලබන්නේ ඒවායේ මුහුණත මත වටිනාකම වන වේ. වෙළඳපොළ වටිනාකම ඒ සඳහා භාවිතා නොකෙරේ. එලෙස වෙළඳපොළ වටිනාකම මත ගෙවීමක් සිදු විය හැක්කේ රජයට වෙළඳපොළේ පවතින වත්මන් මිල ගණන් යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යලි මිලදී ගැනීමට හැකි වුවහොත් පමණි. එහෙත් නොපියවා ඇති මුළු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය මිලට ගැනීමට අවශ්‍ය සංචිත හෝ මුදල් ලබා ගත හැකි වෙනත් මූලාශ්‍ර නොතිබීම හේතුවෙන් මෙය සිදු වීමට ඇත්තේ අඩු ඉඩකඩකි. එබැවින්, රජය විසින් පියවිය යුතු සැබෑ වගකීම වන්නේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල මුහුණත මත වටිනාකමයි. මෙමඟින් රජය විසින් 2020 සඳහා ගෙවිය යුතු මුළු වගකීම්වල වටිනාකම රු. බිලියන 408 න් (ද.දේ.නි. න් 2.7% ට සමාන) ඉහළ දැමේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 සඳහා රජයේ මුළු වගකීම් ද.දේ.නි ට සාපේක්ෂව 112.4% ක් වන ලෙසින් ඉහළ ගොස් ඇත.

2021-07-06
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න