රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ඉටුකම අරමුදලේ ශේෂයෙන් රජය විසින් වියදම් කරනු ලැබුවේ 6% ක් පමණි

2020, මාර්තු මස 23 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කෝවිඩ් - 19 සෞඛ්‍යසේවා හා සමාජ ආරක්ෂණ අරමුදල පිහිටුවන ලදි. “රට තුළ කෝවිඩ්-19 වෛරසයේ ව්‍යප්තිය පාලනය කිරීමට සිදු කරන ක්‍රියාකාරකම් සහ ඒ හා සම්බන්ධ සමාජ සුබසාධන වැඩසටහන් ශක්තිමත් කිරීම” එහි අරමුණ විය. විවිධ සංවිධාන සහ පුද්ගලයින් හරහා ලැබුණු මුදල් ආධාර මගින් ‌මෙම අරමුදලට මුදල් බැර විය. 
මෙම අරමුදල් භාවිතා වන ආකාරය ඇගැයීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය 2021 මාර්තු 15 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමක් යොමු කළේය. එම තොරතුරු දැනගැනීමේ ඉල්ලීමට ජනාධිපති ලේකම් කාර්යාලය පිළිතුරු ලබා දුන් අතර, 2021 ජනවාරි 31 වන විට ඉටුකම අරමුදලේ මුළු ශේෂය රු. මිලියන 1700ක් බව එම කාර්යාලය විසින් සඳහන් කරන ලදි. එහෙත්, මින් වියදම් වී තිබුණේ තිබුණේ 6% ක් (රු. මිලියන 105 ක්) පමණි. PCR පරීක්ෂණ (රු. මිලියන 42.6 ), නිරෝධායන පහසුකම් (රු. මිලියන 38) සහ දැනුවත් කිරීමේ වැඩසටහන් (රු. 24.4 මිලියන) වැනි අංශ සඳහා එම වියදම් සිදු කොට තිබිණි.

2021-05-05
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න