රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රජය විසින් ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි සඳහන් කර ඇති පොරොන්දු 2021 අයවැය හරහා ඉටු කර තිබේද?

ජාතික ප්‍රතිපත්ති රාමුව: ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’  රජයේ නිල ප්‍රතිපත්ති ලේඛනයයි. එනිසා මෙම ප්‍රතිපත්ති ලේඛනයේ සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටීයි. මින් බහුතරයක් ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවරක් ලෙස රජය ජාතික අයවැය තුළින් මුදල් වෙන් කළ යුතුය.

මෙම ග‍්‍රැෆික් සටහන මඟින් 2021 අයවැය හරහා ප්‍රතිපාදන වෙන් කර ඇති ප්‍රතිපත්ති සංඛ්‍යාව පිළිබඳ සාරාංශයක් ගෙන හැර දැක්වේ.

පූර්ණ ප්‍රතිපාදන - ප්‍රතිපත්ති යෝජනාවේ සඳහන් සියලු අංග සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත. එහෙත්, මුල්‍යමය වශයෙන් එම ප්‍රතිපාදන ප්‍රමාණවත් දැයි සහතික කිරීමට නොහැක. 

අර්ධ ප්‍රතිපාදන - ප්‍රතිපත්ති යෝජනාවේ සමහර අංග සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැත 

ප්‍රතිපාදන නොමැත - ප්‍රතිපත්ති යෝජනාවේ කිසිදු අංගයක් සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැත.

සටහන: මෙම විශ්ලේෂණය සිදු කිරීමේදී අයවැය ප්‍රතිපාදන අවශ්‍යවන ප්‍රතිපත්ති පමණක් සැලකිල්ලට ගෙන ඇත. රෙගුලාසි, පාලනය සහ නෛතික ව්‍යුහයන් ආදිය වෙනස් කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති කිසිවක් මීට ඇතුළත් කර නොමැත. 

එක් එක් අංශ යටතේ ඇති ප්‍රතිපත්ති පිළිබඳ වැඩි විස්තර සඳහා:එක් එක් අංශ යටතේ ඇති ප්‍රතිපත්ති පිළිබඳ වැඩි විස්තර සඳහා: 

 
එක් එක් ප්‍රතිපත්තියක් පිළිබඳවත්, ඊට වෙන් කර ඇති මුදල් ප්‍රමාණයන් සහ වසරක් පාසා එම අගයන්හි සන්සන්දනයන් පිළිබඳවත්  විස්තීර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා අප විසින් සම්පාදිත “2021 අයවැය පිළිබඳ ප්‍රසිද්ධ වාර්තාව: වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන හා බදුකරණ ප්‍රතිපත්ති රජයේ ප්‍රතිපත්තියට අනුකූලද යන්න පිළිබඳ ඇගැයීම” යන ප්‍රකාශනය කියවන්න.
2021-05-20
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න