රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2014 සිට ඉදිරියට ශ්‍රී ලංකාවේ සංචිතවල සංයුතියේ වෙනස

2022 පෙබරවාරි වන විට වාර්තා වුණු දළ නිල සංචිතය ඇ.ඩො මිලියන 2,311 ක් වූ අතර ඉන් 98% ක් (ඇ.ඩො මිලියන 2,242) මාස 12 ක් තුළ කල් පිරෙන කෙටි කාලීන හුවමාරු ගනුදෙනුවලින් සමන්විත විය.

විදේශ සංචිත ඇගයීමේදී, සංචිතවල ප්‍රමාණය සහ ගුණත්වය කෙරෙහි ද සමාන වැදගත්කමක් ලබා දිය යුතු ය. රාජ්‍ය සුරැකුම්පත් තුළ විදේශ ආයෝජන සහ ගනුදෙනු කෙටි කාලීන මූල්‍යකරණයෙහි ලා ඵලදායී වුවත් මෙම උපකරණ ඉක්මණින් වෙනස්වන සුළු බැවින් තිරසර දීර්ඝ කාලීන සංචිත සඳහා සුදුසු නොවේ. පරමාදර්ශී තත්ත්වයක් තුළ, අපගේ සංචිතවලින් බහුතරයක් සමන්විත විය යුත්තේ ඍජු විදේශ ආයෝජන වැනි ණය නිර්මාණය නොකරන මුදල් ගලා ඒම්වලිනි. හුවමාරු ගනුදෙනුවලට ඇති තවත් යහපත් විකල්පයක් වන්නේ, හුවමාරු ගනුදෙනුවලට වඩා සැලකිය යුතු ලෙස වැඩි නැවත ගෙවීම් කාලයක් ඇති දීර්ඝ කාලීන ස්ථාවර ණය (උදාහරණ ලෙස ස්වෛරීත්ව බැඳුම්කර) යි. 

2022-04-05
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න