රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
1982 සිට ඉහළම අයවැය හිඟය 2020 දී වාර්තා වෙයි

2020 සඳහා අයවැය ශේෂය -රුපියල් බිලියන 2,090 (දළ දේශීය නිෂ්පාදිතයෙන් -14.0%) වන අතර 2019 සඳහා වන අයවැය ශේෂය -රුපියල් බිලියන 1,016 (දළ දේශීය නිෂ්පාදිතයෙන් -6.8%) ලෙස පවතී.

1982 න් පසු අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 14% ට වඩා වැඩි වූ පළමු අවස්ථාව මෙය බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. මීට අමතරව, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ සහ නාමික වශයෙන් රජයේ ආදායමට වඩා ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි.

 

සටහන:

ඉහත වාර්තා වී ඇති සංඛ්‍යාලේඛන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කරන ලද සංඛ්‍යාලේඛනවලට වඩා වෙනස් ය. මහ බැංකුවේ දත්ත රජයේ වියදම් සහ 2019 සහ 2020 සඳහා වන අයවැය හිඟයන් සඳහා වැරදි ගිණුම්කරණ ක්‍රමයක් භාවිතා කරයි.

2020 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ 2020 වර්ෂය සඳහා රජයේ අයවැය ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් -11.1% ක් බවයි. 2019 දී දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස අයවැය ශේෂය කලින් වාර්තා කළ අගය -6.8% සිට -9.6% දක්වා සංශෝධනය කරන ලදී.

2019 සඳහා රජයේ වියදම සාදා ඇත්තේ 2020 දී දැරූ රු. බිලියන 422.6 ක මුදලක් 2019 ට මාරු කිරීමෙන් පසුව බැවින් මහ බැංකුව වාර්තා කරන සංඛ්‍යාවන් නිවැරදි නොවේ. මෙය සිදුකර ඇත්තේ 2019 වසරෙන්, 2020 වසරට පැමිණ තිබෙන හිග ගෙවීම්, 2019 වසරේ ගිණුමටම බැර කරන අරමුණෙන් වේ.[1]. එහි ප්‍රතිඑලයක් ලෙස 2020 සඳහා අයවැය හිඟය අඩු වෙන් ද, 2019 සඳහා අයවැය හිඟය වැඩියෙන් ද, දක්වා තිබේ.

මුදල් අමාත්‍යාංශයේ 2019 වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම්කරණ ක්‍රමය වන්නේ වැඩිදියුණු කල මුදල් මත පදනම් වූ ගිණුම් ක්‍රමවේදයයි [2]. මෙම ක්‍රමය යටතේ, වියදම් සහ ආදායම හඳුනාගනු ලබන්නේ මුදල් ගෙවන විට හෝ ලැබුණු විට පමණි, එයින් අදහස් වන්නේ මූල්‍ය වර්ෂය අවසානයේදී වියදම් නොකළ අයවැය ප්‍රතිපාදන අවලංගු වන බවයි.

නවීකරණය කරන ලද මුදල් මත පදනම් වූ ගිණුම්කරණ ක්‍රමයට අනුව, 2020 දී සිදු කරන ලද රු. බිලියන 422.6 ක වියදම් 2019 ගිණුම්වල සටහන් කිරීමට අවසර නැත. අයවැය හිඟයට ගණනය කිරීමේදී,  එසේම, අයවැය හිගය ගණනය කිරීමේ දී, ආදායමට සහ වියදමට අදාළව නවීකරණය කරන ලද මුදල් පදනම් කරගත් ගිණුම්කරණ ක්‍රමයෙන් බැහැරව, වෙනත් ක්‍රමයක් යොදාගෙන තිබීම ද, වරදකි.අයවැය හිඟය අඩු කිරීම සඳහා ගිණුම්කරණ මූලධර්මවලින් බැහැරවීම රාජ්‍ය මූල්‍ය තත්ත්වය  පිළිබඳ ව්‍යාජ හැඟීමක් ඇති කරන අතර එය ගිණුම් වංචාවකට සමානය.

වැඩි විස්තර සඳහා Factcheck - https://bit.ly/2SQG485 බලන්න

 

[1] පිටුව 155 මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020

[2] පිටුව 196 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2019

2021-05-13
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න